×

චීනය යනු ඇමරිකාව ට ‘ඒකාධිපති විරුද්ධවාදියෙක්’ ද?

විලියම් බර්න්ස් මීට ඉහත ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙහිම පාලනාධිකාරිය නියෝජනය කළ තැනැත්තෙකි.


එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත් සීඅයිඒ සංවිධානයේ නව අධ්‍යක්ෂක ලෙස එරට ජනපති ජෝ බයිඩන් ගේ තේරීම වී තිබෙන්නේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයකු වූ විලියම් බර්න්ස් මහතා යි.

විලියම් බර්න්ස් අද (24) දින පැවති සෙනට් සභා කමිටුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජනපදයට චීනය සමඟ තිබෙනා තරඟය අනුව චීනය යනු “ඒකාධිපති විරුද්ධවාදියකු” විය හැකි බවයි.

ඒ අනුව, චීනයේ පවතින ඒකාධිපති සහ විලෝපික නායකත්වය පරාජය කිරීම එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රධාන කාර්යභාරය වනු ඇති බව ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

විලියම් බර්න්ස් මීට ඉහත ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් යන පක්ෂ දෙකෙහිම පාලනාධිකාරිය නියෝජනය කළ තැනැත්තෙකි.

තමා සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂක ධුරයට පත්වන්නේ නම්, සිය මූලික ප්‍රමුඛතා සතර වනුයේ ජනතාව, හවුල්කාරීත්වය, චීනය සහ තාක්ෂණය යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඇමරිකානු සීඅයිඒ සංවිධානයේ නව අධ්‍යක්ෂක ධුරයට ඇමරිකාවේ ජනපති ජෝ බයිඩන් ගේ තේරීම වී ඇත්තේ බර්න්ස් වන අතර, බොහෝ දුරට ඔහු මෙම ධුරයට පත්වනු ඇතැයි බොහෝ පාර්ශව විශ්වාසය පළකර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි