×

බිද්‍යා දේවී බන්ධාරී නැවතත් නේපාල ජනපති ධූරයට

නේපාලයේ ප්‍රථම කාන්තා ජනපතිවරිය ඇයයි.


බිද්‍යා දේවී බන්ධාරී ඊයේ නැවතත් නේපාල ජනපති ධූරයට පත් විය. මෙවර ඈ ජනපති ධූරයට පත් වූයේ දෙවන වතාවටයි. නේපාලයේ ජනපති ධූරය හෙබවූ පළමු කාන්තාව වන විද්‍යා දේවී නේපාල වාමාංශික සන්ධානය නියෝජනය කරමින් තුනෙන් දෙකක බලය හිමිකරගත්තාය. ඒ නේපාල් කොන්ග්‍රසය නියෝජනය කළ කුමාරි ලක්ෂ්මී රායි පරදවමිනි.

මෙවර ඈ ජනපති ධූරයට පත් වූයේ දෙවන වතාවටයි.

56 හැවිරිදි බිද්‍යා දේවි 2015 වසරේදී නේපාලයේ ප්‍රථම කාන්තා ජනපතිවරිය ලෙස තේරී පත්වූ අතර ඇය මින් පෙර 1994 සහ 1999 වසර වල පාර්ලිමේන්තුව නියෝජනය සඳහා තේරී පත් වූවාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි