×

අමුතු විද්‍යා පර්යේෂණ

විද්‍යාඥයෝ ඇතැම් විට විවිධ හේතු මත අමුතු විද්‍යා පර්යේෂණ පවත්වති. පහත දැක්වෙන්නේ එදා මෙදාතුර වාර්තාගත ඉතිහාසයේ සිදුකරන ලදැයි කියන අසාමාන්‍ය විද්‍යා පර්යේෂණ දහය පිළිබඳ කෙටි විස්තරයකි.


  1. හිස් දෙකක් ඇති සුනඛයන් විසි දෙනකු පර්යේෂණාත්මකව බිහිකිරීමට සෝවියට් විද්‍යාඥ ව්ලැඩිමීර් දෙමිකොව් සමත් විය. 1950 දශකයේදී ඔහු මුල්ම අත්හදා බැලීම සිදුකළේ වාහන අනතුරකට ලක්වූ බලු පැටවකුගේ හිස වැඩිමහල් සුනඛයකු හට බද්ධ කිරීම මගිනි. සුනඛයා දින 4 ක් ජීවත් විය.

    All that's interesting

    All that’s interesting

  2. 1931 වර්ෂයේදී මනෝ විද්‍යාඥ කෙලොග්, සිය ළදරු පුත්‍රයා සමඟ චිම්පන්සි පැටවකු ද ඇතිදැඩි කළ අතර ළදරුවා වචන 68 ක් ඉගෙන ගන්නා විට චිම්පන්සියා වචන 58 ක් ඉගෙන ගත්තේය.
  3. “නටන මළමිනී” යනු 1780 දී විද්‍යුතය පිළිබඳ පර්යේෂණ සිදුකළ පුරෝගාමියකු වූ ලුයිගි ගැල්වානි විසින් සිදුකළ තවත් අපූරු පර්යේෂණයකි. විද්‍යුත් ධාරාවකට මළසිරුරක් නටවන්නට හැකි බව ඔහු සොයා ගත්තේය.

    Printerest

  4. ස්නායු වෛද්‍ය පර්යේෂක ජොස් ඩෙල්ගාඩෝ, ගවයකුගේ මොළයට ඉලෙක්ට්‍රෝඩමය උත්තේජකයක් සවිකිරීම මගින් දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගවයකු නිර්මාණය කර ගවයා ව ස්පාඤ්ඤ ගොන් පොර පිටියට ගෙන ගියේය.

    Discover Magazine

  5. 1924 දී කානි ලෑන්ඩිස් නමැති ස්නායු පර්යේෂකයා පිළිකුල් සහගත අවස්ථාවන්හිදී මිනිස් ප්‍රතිචාර ගැන අධ්‍යයනය කළේ මැඩියන් පිරුණු භාජනවල අත් ඔබාගෙන සිටීම වැනි අසාමාන්‍ය පරීක්‍ෂණ මගිනි.
  6. සෝවියට් දේශය, 1920 දශකයේදී මානවයන් හා වානරයන් බද්ධ කර සොල්දාදුවන් බිහිකිරීමට උත්සාහ කළත් කෘතිම සිංචනය අසාර්ථක වීමෙන් පසු ව්‍යාපෘතිය භාරව සිටි විද්‍යාඥයා සිරගත කරනු ලැබීය.

    Daily Mail

  7. අමෙරිකානු මනෝ විද්‍යාඥ රොබට් හීත් සමලිංගික හැසිරීම් දක්වන්නන් සාමාන්‍ය පුද්ගලයන් බවට පත්කිරීම සඳහා ඔවුන්ගේ මොළයට ඉලෙක්ට්‍රෝඩ සවිකර පර්යේෂණ කළේය.

    Advances in the History of Psycology

    Advances in the History of Psycology

  8. 1962 වර්ෂයේදී ඔක්ලහෝමා සරසවිය මිනිසකුට ලබාදෙන එල්. එස්. ඩී. මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙන් 3000 ගුණයක් සැර මාත්‍රාවක් ඇතකු හට ලබාදුන්නේ උගේ හැසිරීම් නිරීක්‍ෂණය සඳහා ය. එහෙත් ඇතා පැයකට පසු මිය ගියේය.
  9. ලන්ඩනයේ එඩ්වඩ් කාමයිකල් සහ හර්බට් වූලාඩ් යන විද්‍යාඥයෝ 1933 වර්ෂවලදී මිනිස් අණ්ඩකෝෂවලට දරාගත හැකි උපරිම වේදනාව මැන බැලීම සඳහා සිය අණ්ඩකෝෂවල බරැති ලෝහ කැබලි සවිකර ගත්හ.
  10. අමෙරිකානු ජාතික ස්ටබින්ස් ෆ්රිත් නමැති වෛද්‍යවරයා (1784 – 1820) රෝගීන්ට වමනය පානය කරන්නටත්, ඒවා තුවාලවල තවරන්නටත් නියම කළේ කහ උණ එක් මිනිසකුගෙන් තවත් අයකුට බෝවේ යැයි අනුමාන කරමිනි. කහ උණ මදුරුවන්ගෙන් බෝවන බව ඒ වන විට ලෝකය දැන සිටියේ නැත.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි