×

කොරෝනා “සුළු උණක්” කී බොල්සොනාරෝ සිය සෞඛ්‍ය ඇමතිව ගෙදර යවයි!

සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ බොල්සෝනාරෝ මහතා ඔහුව සේවයෙන් පහ කිරීමේ දැන්වීම තමාට භාර දුන් බවයි.


කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ විසින් එරට සෞඛ්‍ය ඇමතිවරයාව සේවයෙන් පහ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ බොල්සෝනාරෝ මහතා ඔහුව සේවයෙන් පහ කිරීමේ දැන්වීම තමාට භාර දුන් බවයි.

මැන්ඩෙටා මහතා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට සමාජ දුරස්ථභාවය ඇති කරගනිමින් ගෘහස්ථව රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම ගැන ජනාධිපති බොල්සෝනාරෝ ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණි. බ්‍රසීල නායකයා මෙම ක්‍රියාමාර්ගවලට එකඟ නොවූ අතර ඒ වෙනුවට වෛරසය “සුළු උණක්” බව පවසා සිටියේය.

ට්විටර් පණිවුඩයේ මැන්ඩෙටා මහතා මෙසේ ලිවීය: “සෞඛ්‍ය අමාත්‍යාංශයේ මා සමඟ සිටි සමස්ත කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙමි. සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මගේ අනුප්‍රාප්තිකයා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. අපේ රටට ආශීර්වාද කරන ලෙස මම දෙවියන් වහන්සේට සහ අපරෙසීඩා ආර්යාවට යාච්ඥා කරමි.”

කොරොන්නා වෛරසය පිළිබදව ඔවුන් දෙදෙනා අතර සති කිහිපයක සිටම ගැටුම් හා විවාද ඇති වී තිබුණි. වෛරසය බ්‍රසීලයේ ව්‍යාප්තිය ආරම්භ වූ පසු බොල්සොනාරෝ විසින් එය සුළු උණක් ලෙස තැකීමත් වෛරසය මැඬපැවැත්වීමට කිසිදු උපායමාර්ගයක් නොගැනීමත් හේතුවෙන්, සෞඛ්‍ය අමාත්‍ය මැන්ඩෙටා ජනතාවගෙන් ඉල්ලා සිටියේ හා තවදුරටත් ඉල්ලා සිටින්නේ ලොව පුරා වෛරසය මර්දනයට ගෙන එන මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි.

ලොක්ඩවුන් නියෝග ක්‍රියාත්මක කළ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන්ට මැන්ඩෙටා මහතා ප්‍රශංසා කළ අතර ජනපති බොල්සොනාරෝ මහතා එම පියවර සදහා සිය විරෝධය පළ කරන්නට විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි