×

බෝජෝ ගේ අලුත්ම විහිළුව – ප්‍රතිපත්ති ප්‍රකාශයේ බ්‍රෙක්සිට් අවදානම මඟහැරලා!

බ්‍රෙක්සිට් අනුමත වන බව කන්සර්වටිව් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වේ.



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ඇතුළු පාලක කන්සවර්ටිව් පක්ෂය එළඹෙන මහ මැතිවරණයට තරඟ වැදීමට සූදානම් අතර, තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාමට අදාල ගැටළුකාරී වාතාවරණය ඇතුලත් කර නොමැති බව ද ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. 


ද ටයිම්ස් පුවත්පතේ අද (02) දින පළවූ වාර්තාවකට අනුව, එකී ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත වන බවයි!


බ්‍රිතාන්‍යයේ එළඹෙන මහමැතිවරණය ජොන්සන් හට ඉතා තීරණාත්මක මැතිවරණයක් වන අතර, දෙවන ධූරකාලයක් සඳහා තම ආසනය රැක ගැනීම ඔහුගේ අරමුණ වී තිබේ. 


බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම නොහොත් බ්‍රෙක්සිට් පසුගිය ඔක්තෝබර් මස 31 වෙනි දිනට යෙදීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තු දෙවනවර අනුමත කිරීම (ratification) ලබා ගැනීමට බොරිස් ජොන්සන් අසමත් විය. එමඟින් බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කර ගැනීමට ජොන්සන් අසමත් වූ අතර, එම තත්ත්වය තුළ ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් නික්ම යාමේ අවදානමක් මතුවූ විය. මේ සඳහා තෙමසක කාලයක් ඉල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයට සිදුවිය. ඒ අනුව මෙකී ගිවිසුම පිළිබඳ අවධානය යොමුකිරීම බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පසුව එළඹෙන 2020 වර්ෂයේ ජනවාරි මස 31 වෙනි දක්වා කල් දැමීමට බ්‍රිතාන්‍ය රජය සමත් විය. 


මීට පෙර බොරිස් ජොන්සන් මහතා ප්‍රතිඥා දී තිබුණේ ගිවිසුමක් ඇතුවා හෝ නැතුව ඔක්තෝබර් 31 වෙනි දින වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යන බවයි. කෙසේ වෙතත්, එම වදන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරියේ නිශ්ප්‍රභා වූ අතර, මේ පිළිබඳ දින කල් දැමීමක් පමණක් සිදුවිය. 


කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයේ එළඹෙන මහ මැතිවරණ ප්‍රතිඵල අනුව බ්‍රිතාන්‍යයින් බොරිස් ජොන්සන් පිළිබඳ දරන ආක්පය මනාව ඉස්මතු වනු ඇත. එය බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික – වාමාංශික ගැටුමේ නවතම සන්ධිස්ථානය ද සනිටුහන් කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි