×

Covid 19: පැය 24ක් තුළ බ්‍රසීලයේ වැඩිම මරණ හා ආසාදිතයින් – සහනයක සේයාවක්වත් නැහැ

අද දිනය වන විට ලතින් ඇමරිකාවට සහ බ්‍රසීලයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංචාරක තහනමක් පනවන ලදී.


Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය බ්‍රසීලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වන විට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ඊයේ (19) දිනයේදී වාර්තා වී තිබෙන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව පසුගිය සඳුදා (18) දිට අඟහරුවාදා එනම් ඊයේ දිනය වන විට මරණ 1179ක් සිදුව තිබේ.

ඒ සමඟ සමස්ත කොරෝනා මරණ 17,983 ක් ලෙස වැඩි වී තිබෙන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම පැය 24ක කාලයක් තුළ ආසාදිතයින් 17,408 ක් වාර්තා වී තිබෙන අතර සමස්ත ආසාදිතයින් 272,000 ඉක්මවා තිබේ.

එරට සාඕ පාවුලෝ ප්‍රාන්තයේ පමණක් ඊයේ දිනයේදී මරණ 324ක් වාර්තා වී ඇත.

මේ අනුව ඊයේ දිනයේදී ඇමරිකාව හා රුසියාවට පසු කොරෝනා වෛරසය ආසාදිත ලැයිස්තුවේ තුන්වන තැනට බ්‍රසීලය පත්විය.

අද දිනය වන විට ලතින් ඇමරිකාවට සහ බ්‍රසීලයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සංචාරක තහනමක් පනවන ලදී.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි