×

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝ බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ වරදට වරදකරු වේ.

බොල්සනාරේ ‌මෙම නඩු තීන්දුව පිළිබඳ සඳහන් කර තිබුණේ පිටුපසින් සිට පිහියෙන් ඇණීමක් බවයි.


බ්‍රසීලයේ හිටපු ජනාධිපති අන්ත දක්ෂිණාංශික ජෙයාර් බොල්සොනාරෝ මැතිවරණ සමඟ හැසීරීම සලකා බලා ඔහුට 2030 දක්වා රාජ්‍ය නිලතල නිලතල කිසිවක් දැරිය නොහැකි බවට හත් දෙනෙකුගෙන් යුත් සුපිරි මැතිවරණ විනිශ්චය සභාව (TSE)ඊයේ(30) දිනයේදී තීන්දු කර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව අවධානය යොමු වූයේ 2022 ජූලි 18 වන දින, බොල්සොනාරෝ රජයේ කාර්ය මණ්ඩලය, රාජ්‍ය රූපවාහිනී නාලිකාව සහ බ්‍රසීලියාවේ ජනාධිපති මන්දිරය භාවිතා කරමින් රටේ විද්‍යුත් ඡන්ද ක්‍රමය වංචා කර ඇති බව විදේශීය තානාපතිවරුන්ට පැවසීමට යොදා ගත් රැස්වීමක් මත ය.

මීට අමතරව 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කිරීමත් සමඟ බොල්සනාරෝ කිසිදු සාක්ෂියක් නොමැතිව ඡන්ද ක්‍රමය පිළිබඳ සැක පල කිරීමත් සමඟ ඔහුගේ ආධාරකරුවන් මාර්ග අවහිර කරමින් බ්‍රසීලයේ කොන්ග්‍රසයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වැදී රාජ්‍ය දේපළට හානි කරනු ලැබීය. ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින් මෙම කෝළහාලය සංවිධානය කළ බවට බොල්සනාරෝට මෙහිදී චෝදනා එල්ල විය.

මෙම තීන්දුවත් සමඟ බොල්සනාරෝට 2030 වන තෙක් නැවත ජනාධිපතිවරණයට තරඟ කළ නොහැකිවනු ඇති අතර 68 හැවිරිදි බොල්සනාරේ ‌මෙම නඩු තීන්දුව පිළිබඳ සඳහන් කර තිබුණේ පිටුපසින් සිට පිහියෙන් ඇණීමක් බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි