×

බ්‍රසීලයත් ආසාදිතයන් මිලියනය ඉක්මවයි – ඊයේ පනස් පන්දහසක්

ඊයේ දිනයේදී නව ආසාදිතයන් 181,005 ක් හා මරණ 5,066 ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යා ලේඛන අනුව වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.


ඊයේ (19) දිනයේදී බ්‍රසීලයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 55,209 කි.

ඒ අනුව බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ආසාදිතයන් මිලියනකට වඩා වාර්තා වූ දෙවැනි රට වශයෙනි.

මෙතෙක් ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා වී තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පමණි.

මේ වනවිට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 1,038,568 ක් වන අතර වෛරසය හේතුවෙන් මරණයට පත් වූ ප්‍රමාණය 49,090 කි. අද දිනයේදී මරණ ප්‍රමාණය පනස් දහස ඉක්මවා යනු ඇත.

ලොවපුරා මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන මිලියන 8.7 ඉක්මවා තිබේ.

මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ප්‍රමාණය මිලියන 3.6 කි. වාර්තා වී ඇති සමස්ත මරණ ප්‍රමාණය 462,691 ක් වේ.

ඊයේ දිනයේදී නව ආසාදිතයන් 181,005 ක් හා මරණ 5,066 ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යා ලේඛන අනුව වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි