×

බ්‍රසීලයේ වේල්ලක් බිඳී යාමෙන් මිය ගිය සංඛ්‍යාව 40 ක්, අතුරුදන් වූවන් 300ක් සොයා මෙහෙයුම්

යපස් කැණීමේදී ඇතිවන පරිසර හානියත් සමග මෑත කාලීනව එහි සිදු වූ විශාලතම ඛේදවාචකය මෙය බවට පැවසේ


බ්‍රසීලයේ යපස් ආකරයක් ආශ්‍රිත වේල්ලක් කැඩී යෑම නිසා අද වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් සංඛ්‍යාව 300ක් දක්වා ඉහළ ගොස් ඇත.

බ්‍රසීලයේ මයිනාස් ජෙරසීස් පළාතේ පිහිටි මෙම යපස් ආකරය එරට පිහිටි යපස් ආකර අතර විශාලම එකකි. යපස් කැණීමේදී ඇතිවන පරිසර හානියත් සමග මෑත කාලීනව එහි සිදු වූ විශාලතම ඛේදවාචකය මෙය බවට පැවසේ.

මීට වසර 3කට පෙරද මෙවැනිම අනතුරක් සිදුව ඇති අතර බ්‍රසීලයේ ෆන්ඩාඕ නම් වේල්ල කැඩී ගොස් 19 දෙනෙකු ජීවිකත්ෂයට පත් වී ඇත.


Mud and waste from the mining disaster in Minas Gerais. Photograph: António Lacerda/EPA

යපස් ආකරය තුළ මෙම සිදුවීම වන අවස්ථාවේදී 412 ක් සේවකයන් සිට ඇති අතර ඉන් 100 දෙනෙකු පමණක් මඩෙහි එරී ගොස් සිටියදී සොයා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් වලට හැකිව තිබේ. තවත් 300 දෙනෙකු ට සිදුව ඇත්තේ කුමක්දැයි යන්න සොයා ගැනීමට තවමත් අපොහොසත්ව ඇති අතර බලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත අවධානම ඉතා ඉහළ බවයි.
අනතතුර සිදුවන අවස්ථාවේ සේවකයන් බහුතරයක් සිය දිවා ආහාරය ගනිමින් ආපන ශාලවේ සිට ඇති බවට වාර්ථාවේ.
මෙම වේල්ල මීටර් 86ක් උසින් ගොඩ නංවා තිබී ඇති අතර 1976 වසරේ එය ඉදිකර ඇති අතර යපස් ආකරයේ ඉවත දමන අපද්‍රව්‍ය මීටර් 11.7ක් මෙමගින් රදවා තබ ගෙන ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි