×

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා තිබුණේ, ධාරානිපාත වර්ෂාපතනය මේ සතියේ නැවත ආරම්භ වීමට නියමිත බවයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයට මෙතෙක් බලපෑ දරුණුතම ගංවතුර තත්වය හේතුවෙන් මේ වනවිට 95 දෙනෙකු මියගොස් 130කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

දින කිහිපයක් පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගලා ඇති අතර මේ වන විට මිලියන 1.4 ක ජනතාවක් පීඩාවට පත්ව සිටියි. නගරයේ ජල පවිත්‍රාගාර හයෙන් පහක් ක්‍රියා විරහිත වී ඇති අතර එහි ජනගහනයෙන් 80% කට ජල ප්‍රවේශය නැත.

නගරයේ නගරාධිපතිවරයා පානීය ජලය සලාක කර ඇති අතර නගර නිලධාරීන් ලොරිවල ජලය බෙදා හරිති. අපරාධ කල්ලි විසින් ඔවුන්ගේ බෝට්ටු සොරකම් කිරීම පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ කණ්ඩායම්වල වැඩ කටයුතු අඩාල වී ඇත.

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා තිබුණේ, ධාරානිපාත වර්ෂාපතනය මේ සතියේ නැවත ආරම්භ වීමට නියමිත බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි