×

බ්‍රසීලයේ සිර ගෙයක් තුළ අබිරහස් ඝාතන මාලාවක් – දැනට 57 ක් ඝාතනය කරලා!

ලෝකයේ සිරකරුවන් වැඩිම රටවල් අතරින් තෙවන ස්ථානය ලැබෙන්නේ බ්‍රසීලයටයි.


බ්‍රසීලයේ සිර ගෙයක් තුළ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් වෙන් වෙන්ව ඇති සිර මැදිරි තුළ රැඳවියන් 42 මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම හට ගැනීමට සුළු වේලාවකට පෙර ද රැඳවියන් 15 දෙනෙකු ඝාතනය කර තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බ්‍රසීලයේ ඇමසන් පළාතෙහි මනාඔස් හි සිර මැදිරියක සිදුව ඇති මෙම අලුත්ම ඝාතන රැල්ල සිදුකර තිබෙන්නේ හුස්ම හිර කිරීම මගින් බව බලධාරීහු පවසති.

මුල්ම වරට මෙම ඝාතන රැල්ල ගැන අසන්නට ලැබුණේ පසුගිය ඉරිදා ය. එහිදී පළමු 15 දෙනා කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් මරා දමා තිබෙන්නේ උල් කරන ලද දත් බුරුසුවලින් ඇනීම සහ ගෙළ සිර කිරීම මගිනි.

මීට වසර 2කට පෙර ද මෙම බන්ධනාගාරයෙන්ම මේ ආකාරයේ ගැටුම් සහ අබිරහස් මරණ වාර්තා විය. එහිදී රැඳවියෝ 65 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ලෝකයේ වැඩිම සිරකරු ජනගහනයක් ඇති රටවල් අතරින් 2 වැනි තැන බ්‍රසීලයට හිමි වේ.

2019 අප්‍රේල් මාසය වන විට බ්‍රසීලයේ සිරකරුවන් ගණන 712305 ක් බවට ගණන් බලා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි