සමාගම් සහ බැංකුවලින් තමන් ඒ සඳහා සහයෝගය පතන බවත් හැකි තාක් ඉක්මනින් කෞතුකාගාරය නැවත ගොඩනගන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
ආණ්ඩුව විසින් මේ සඳහා ඩොලර් මිලියන 3.6 ක මූලික මුදලක් වෙන් කර ඇති බව ද ඔහු පැවසුවේය.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය රොසෙයිලි සෝරස් පවසන්නේ යුනෙස්කෝ ඇතුළු අන්තර්ජාතික සංවිධානවලින් ද මේ සඳහා සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෞතුකාගාරයේ හටගත් ගින්නෙන් එහි තිබු කලා කෘති සහ පෞරාණික වස්තු 90%කටත් වඩා විනාශ වී ඇති බව බ්‍රසීලය සනාථ කරයි.
කෞතුකාගාරය ඉහළ අහසට දිස්වන ආකාරය | AFP
ගින්න ඇති වීමට හේතුව කිසිවෙකු නොදන්නා නමුත්, අරමුදල් කපා හැරීම හේතුවෙන් ගතවූ වසර කිහිපය තුළ කෞතුකාගාරයේ නඩත්තු කටයුතු අතිශයින් අඩාල වී තිබූ බව එහි කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි. කෞතුකාගාරයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා මාධ්‍ය සමග කියා ඇත්තේ, අය වැය කපාහැරීම නිසා සිදුවූ මේ විපත පිළිබඳ තමන් ‘දැඩි සේ කෝපයෙන්‘ පසු වන බවයි. ‘‘කෞතුකාගාරයට අනතුරක් සිදුවිය හැකි බව අපි හැම කෙනෙක්ම දැනගෙන සිටියා“ යැයි ද ඔහු කියා තිබේ. නූතන ගිනි නිවන උපකරණ ද ඇතුළුව කෞතුකාගාර නවීකරණ ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 5 ක වියදමෙන් සිදුකිරීමට නියමිත ව තිබුණත්, එය ආරම්භ කළ යුතුව තිබුණේ ඔක්තෝබර් මැතිවරණයෙන් පසුව බව ද ඔහු පෙන්වා දී තිබේ.
බොහෝ විට කෞතුකාගාරය මත උණුසුම් වායු බැලූනයක් පතිත වීම හෝ විදුලි කාන්දුවක් නිසා ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෞතුකාගාරය රක්ෂණය කර තිබුණා ද යන්න ද මෙතෙක් හෙළි වී නැත.
හරියටම වසර 200 ක් පැරණි මෙම රියෝ කෞතුකාගාරය, 19 වන සියවසට අයත්, පෘතුගාල රජ පවුලේ අතීත මාළිගය ද වෙයි.
ඇමරිකානු මහද්වීපයේ ස්වභාවික ඉතිහාසය සහ මානව විද්‍යාව පිළිබඳ පැරණිතම එකතූන් රාශියක් මෙහි විය. මේ අතර, වසර 12,000 ක් පැරණි ලුසියා නමැති මානවයාගේ අවශේෂයන් ද විය. ලතින් ඇමරිකාවේ පැරණිතම මානවයා වන ඇය, මානව පරිණාමය පිළිබඳ අධ්‍යයනයේ කිරීට මාණික්‍යයක් සේ සැලකිණි.
ලුසියා එදා | AFP
ඓතිහාසික කෘති මිලියන 200 ක් සහිත කාමර සිය ගණනක් ගින්නෙන් විනාශ විය. ඩයිනසෝරයෙකුගේ නැවත ගොඩනැංවූ ඇටසැකිල්ලක් මෙන්ම රෝමානු බිතුසිතුවම් සහ ප්රාග් කොළොම්බියානු යුගයේ බ්‍රසීලයෙන් හමුවූ කෞතුක භාණ්ඩ රැසක් ද මේ අතර වේ.
18 වන සියවසේ මිනාස් ග්රෙරිස් ප්‍රදේශයට පතිත වූ ටොන් 5 ක් බර ග්‍රාහකයක් ද මෙම කෞතුකාගාරයේ තිබිණි. එහි නම Bendegó ය.
ගින්නෙන් පසුව ගිනි නිවන භටයන් විසින් දැවී හළු වූ සිතුවම් ආදියේ ඉතිරි වූ රාමු සහ වෙනත් අවශේෂයන් ගෙන එන ආකාරය දැකගත හැකි විය.
AFP
දකුණු ඇමරිකාවේ සරුසාරම මානව විද්‍යාත්මක හා ඓතිහාසික උරුමයන් දරා සිටි මෙම කෞතුකාගාරය විනාශ වීම, එහි සංස්කෘතික ඛේදවාචකයක් ලෙස සැලකේ. මේ වන විට මේ පිළිබඳ සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිබෙන අතර, බ්‍රසීල ජනතාවගේ දැඩි කෝපය ද මෙම සිද්ධිය හේතුවෙන් බ්‍රසීල රජය වෙත යොමු වී තිබේ.
කෞතුකාගාරයේ රථ ගාල වෙත රැස්වූ පිරිසක් මේ පිළිබඳ සිය විරෝධතාවය දක්වන්නට වූ අතර, අය වැය කපා හැරීම පිළිබඳ ඔවුහු සිය කෝපය පළ කළහ. . පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට සිදුවිය. පසුව ඔවුන් කෞතුකාගාරය වට කරමින් විරෝධතාවයෙන් යෙදෙන්නට පටන් ගෙන තිබේ.
කෞතුකාගාරය වටා උද්ඝෝෂණ| AFP
පෙර ලිපි-
ඩයිනසෝර ඇටකටු සහ ලුසියාගේ පොසිලය සමග බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනිගෙන දැවෙයි