×

පය පැකිලී බොල්සොනාරෝ රෝහල් ගත කෙරේ

පසු ගිය වසරේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතර තුරද ඔහු දරුණු පිහි පහරක් නිසා තුවාල ලැබීය.


බ්‍රසලියා හී පිහිටි නිළ නිවසේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ රෝහල් ගත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

64 හැවිරිදි බ්‍රසීල ජනපතිවරයා අල්වොරාඩා පැලස් නම් සිය නිළ නිවසේදී ඇද වැටීමෙන් පසු ඔහුට ප්‍රතිකාර කර තිබුණද තත්ත්වය සුව අතට පත් නොවීමෙන් ඔහුව එරට හමුදා රෝහලට ඇතුලත් කර ඇත.

ඔහුගේ ප්‍රකාශකයෙකු මේ පිළිබදව මාධ්‍යට කරුණු අනාවරණය කරමින් පවසා ඇත්තේ ඔහුව සී ටී පරීක්ෂණයකට යොමු කිරීමේන් ශරීරයේ අභ්‍යන්තර හානියක් සිදුව නොමැති බව තහවුරු කර ගත් බවයි.

ඒ අනුව ඔහු නැවතත් ජනපති කාර්යාලයට සේවයට යනු ඇත්තේ ජනවාරි පළමු දින සිටයි. පසු ගිය වසරේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතර තුරද ඔහු දරුණු පිහි පහරක් නිසා තුවාල ලැබීය. මේ හේතුවෙන් සැත්කම් ගණනාවකට මුහුණ දීමය ඔහුට සිදු වූ අතර මෙම මස මුලදී බොල්සොනාරෝ ජනපතිවරයා හෙළි කලේ
තමන්ට සමේ පිළිකාවක් වැළදී ඇති බවට මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි