×

ඉන්ටර්පෝල් ප්‍රධානියා මරා දැමුවාද?

ඉන්ටර්පෝල් ප්‍රධානි මෙන් හොන්ග්වෙයි මරා දමුවාදැයි සැකයක්!


අතුරුදහන් වුණු ඉන්ටර්පෝල් සභාපති මෙන්ග් හොන්ග්වෙයි මරා දමුවාදැයි කියා සැකයක් පැන නැඟෙන බව ඔහුගේ බිරිය පවසයි. ඉන්ටර්පෝල් සභාපතිවරයා ප්‍රංශයේ සිට චීනය බලා එමින් සිටියදී පසුගිය සැප්තැම්බර් 29වැනිදා අතුරුදහන් විණ. ඔහුගේ බිරිය – ග්‍රේස් මෙන්ග් පවසන්නේ එතැන් පටන් මේ දක්වා සිය සැමියා ගැන කිසිදු ආරංචියක් තමන්ට දැනගන්නට නොලැබුණු බවකි. බී.බී.සී.යට ප්‍රකාශයක් කරමින් ග්‍රේස් කියා තිබුණේ මෙවැන්නකි.

“… මම හිතන්නේ මේක දේශපාලන වධදීමක් කියලා. මට කිසිම විශ්වාසයක් නැහැ; ඔහු ජීවතුන් අතර ඉන්නවා කියලා. ඔවුන් (චීන බලධාරීන්) ඉතාම කෘෘරයි. ඔවුන් දූෂිතයන් . ..”

Grace Meng, the wife of Meng Hongwei, in Lyon on October 7. She declined to show her face. John Leicester/AP

Grace Meng, the wife of Meng Hongwei, in Lyon on October 7. She declined to show her face. John Leicester/AP

විනය පරීක්ෂණ සඳහා වූ චීන මධ්‍යම කොමිසම මෙන්ග් හොන්ග්වෙයි අතුරුදන් වීමෙන් සතියකට පමණ පසු පණිවුඩයක් නිකුත් කර තිබිණ. මේ පණිවුඩය දැක්වුණේ එම ආයතනික වෙබ් අඩවියෙහිය. එමඟින් කියැවුණේ ” මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජය අමාත්‍ය මෙන්ග් හොන්ග්වෙයි නීතිය උල්ලංඝනය කිරීමකට සැකයි. දැනට ඔහු රාජ්‍ය අධික්ෂණ කොමිසම යටතේ පසුවෙනවා. …”යන්නයි.

මේ අතර අතුරුදන් ඉන්ටර්පෝල් සභාපතිවරයා එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව චීනය සනාත කර ඇත. චීන බලධාරීන් මෙය නිවේදනය කර තිබෙන්නේ ද මෙන්ග් හොන්ග්වෙයි චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ පසු වන්නේයැයි කියා වෙබ් අඩවියෙහි නිවේදනයක් පළ කළ දිනයේමය.

චීන බලධාරීන් පවසන අන්දමට මෙන්ග් හොන්ග්වෙයිට එරෙහිව ඇත්තේ අල්ලස් චෝදනාවක් විය හැකිය. එහෙත් එම චෝදනාව හරියටම පැහැදිලි නැති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අඩු තරමින් ග්‍රේස් මෙන්ග්වත් සිය සැමියාට එරෙහිව නඟා ඇති චෝදනා නොදන්නා බැව් කියැවේ.

ග්‍රේස් මෙන්ග්ගේ ප්‍රකාශයට අනුව ඇයත් චීන බලධාරීන්ගේ ඉලක්කයක් බවට මේ වනවිට පත්ව තිබේ. මෙන් හොන්ග්වෙයි අතුරුදන් වීමෙන් පසු ඇයට නිර්නාමික එහෙත් තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබී ඇත.

” ඔබ මෙය අහගෙන ඉන්නවා මිසක් කතා කරන්න යන්න එපා. අපි කණ්ඩායම් දෙකක් ඇවිත් ඉන්නේ. ඔබ සඳහා ඒ කණ්ඩායම් දෙක පැමිණ තිබෙන්නේ. …” යනුවෙන් ඒ දුරකතන ඇමතුමෙන් කියැවුණු බව ඈ බී.බී.සී.යට පවසා තිබිණ.

අතුරුදන්වීමට පළමුව සිය සැමියා එවූ දුරකතන පණිවුඩයක පිහියක රූපයක් සටහන්ව තිබුණු බව ග්‍රේස් පවසන්නීය. ඔහු එම පණිවුඩය ඒවා තිබුණේ තමන් අන්තරාදායක අවස්ථාවක සිටින බව ඇඟවීමටයැයි කියා ග්‍රේස් බී.බී.සී.යට වැඩි දුරටත් පැහැදිලි කර තිබිණ.

John Leicester/AP

John Leicester/AP

පෙර ලිපිය –

අතුරුදන් වූ ඉන්ටපෝල් නිලධාරිියා චීනයේ සිරකරගෙන



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි