×

අතුරුදන් වූ ඉන්ටපෝල් නිලධාරියා චීනයේ සිරකරගෙන!

අතුරුදහන් වූ ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී මෙන්ග් මොන්වෙයි (Meng Hongwei) චීනය විසින් රඳවා තබාගෙන ඇති බව චීනය තහවුරු කරයි.


චීනය ප්‍රකාශ කරන්නේ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තමන් විසින් Meng Hongwei රඳවා තබාගෙන ඇති බවයි.

ඉන්ටපෝල් ප්‍රධානියා චීනයේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ උප ඇමතිවරයා ද වෙයි.

පසුගිය සැප්තැම්බර් 25 වැනිදා ඔහු අතුරුදන් වූ ප්‍රංශයේ ලියොන් නගරය වෙත සංචාරය කිරීමෙන් පසුව ය. ඔහු සිය උපන් රට වන චීනය බලා ගිය බවට ද සැකයක් තිබේ.

තමන් ජීවිත අවදානමක පසුවන බව මෙන්ග් මොන්වෙයි විසින් සිය බිරිඳට ටෙක්ස්ට් මැසේජයක් එවමින් කියා තිබිණි.

මෙන්ගේ බිරිඳ ප්‍රකාශ කරන්නේ චීනය වෙත සංචාරය කිරීමෙන් පසුව සිය සැමියා විසින් පිහියක ඡායාරූපයක් සහිත මැසේජයක් එවා ඇති බවයි.

ඉන්ටපෝල් මූලස්ථානය පිහිටා ඇති ප්‍රංශයේ ලියොන් නගරයේ සිට මාධ්‍ය හමුවකට ප්‍රථම වතාවකට එක්වෙමින් ඉන්ටපෝල් ප්‍රධානියාගේ බිරිඳ, ග්‍රේස් මෙන්ග් පැවසුවේ, පිහිය මගින් සංකේතවත් කරන්නට ඇත්තේ, ඔහු ජීවිත අවදානමක පසුවන බව, තමන්ට සන්නිවේදනය කිරීම බවයි.

සැප්තැම්බර් 25 වැනිදායින් පසුව ඇයට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත. නමුත් “wait for my call” යනුවෙන් සඳහන් පණිවුඩයක් ඇයට එකී පිහියේ ඡායාරූපය සමග එවා තිබේ. එසේම ඇගේ සැමියා, චීනය වෙත ආපසු ගිය බව ද ඇය සනාථ කරන්නීය.

‘‘චීනයේදී ඔහුට සිද්ධ වුණේ මොකක්ද කියා මට හරියටම කියන්න බෑ“ යැයි ද ඇය කියා තිබේ. තමන් සහ තමන්ගේ දරු දෙදනොගේ ආරක්ෂාව පිළිබඳ තමන් බියෙන් පසුවන බව ද ඇය පැවසුවාය.

Grace Hongwei kept her back to reporters at a press conference, saying she feared for her safety ( AFP /Getty Images)

Grace Hongwei kept her back to reporters at a press conference, saying she feared for her safety ( AFP /Getty Images)

මේ අතර ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය පවසා තිබෙන්නේ විධායක කමිටුවේ ප්‍රධානියා වශයෙන් මෙන්ග් මොන්හෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වී ඇති බවයි. නමුත් ඒ සඳහා කිසිදු පැහැදිලි කිරීමක් ඔවුන් විසින් සිදුකර නැත. කෙසේ නමුත් මෙන්ග් පිළිබඳ චීනයෙන් විමසා බැලූ බව ද ඔවුන් විසින් කියා ඇත.

චීනය විසින් මේ වන විට දූෂණ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ‘ජාතික අධීක්ෂණ කොමිෂන් සභාව‘ (National Supervision Commission) යනුවෙන් නව ආයතනයක් පිහිටුවා තිබේ. එය පාලක කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ විරෝධී යාන්ත්‍රණය වශයෙන් ද සැලකේ. හිටපු ඉන්ටපෝල් ප්‍රධානියා, දූෂණ චෝදනා මත තමන් විසින් රඳවා තබාගෙන සිටින බවත්, ඔහුව ප්‍රශ්න කිරීම්වලට ලක් කරන බවත් පවසා තිබෙන්නේ ඔවුන් විසිනි.

අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් සහ පැහැදිලි නොකළ අතුරුදන් වීම් චීනයෙන් නිරතුරුව වාර්තාවේ. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටින්නන්, මානව හිමිකම් නීතීඥයන් යනාදීන් රාජ්‍යයට පක්ෂපාතී නොවීම හෝ දේශපාලනික අස්ථාවරභාවයක් ඇතිකිරීමට තැත් කිරීම හෝ දූෂණ චෝදනා දක්වමින් අත්අඩංගුවට ගැනීම චීනයේ සුලබ ය. චීනයේ ජීවත් වන මිලියනයක් වන වාර්ගික මුස්ලිම් සුළුතරය ද මේ වන විට චීනයේ ඈත බටහිර කඳවුරු වෙත ගාල් කර ඇති බවට සැක පළ වේ.

චීනයේ වත්මන් නායකයා වන ජනපති ෂී ජින් පින්, මාවෝ සේතුංගෙන් පසුව බිහිවූ බලසම්පන්නම නායකයා වශයෙන් සැලකේ. විසම්මුතිය මර්දනය කිරීම සහ නීතීඥයන්/මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම, ඔහු විසින් පාලනය ගෙන යාම සඳහා භාවිතාකරන සුලබ මෙවලම් බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි