×

ජෝන් ලෙවින් ලංකාවේදී මිය යයි.

ඔහු ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ 2004 වසරේදීය 230000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්කල සුනාමි ව්‍යසනයේ අත්දැකීමටද මුහුණ දෙන්නට ඔහුට සිදු විය‍.


එංගලන්තයේ බ්‍රිස්ටල්හී සුප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් සහ කතුරවරයෙක් වූ ජෝන් ලෙවින් පසුගියදා ශ්‍රී ලංකාවේදී මිය ගියේය.36 හැවිරිදි ලෙවින් නිවාඩුව ගත කිරීම සදහා ශ්‍රි ලංකාවට පැමිණ සිටි අතර ඔහු මිය ගියේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියැලෙමින් සිටියදීය.
පසු ගිය ඉරිදි දින උදෑසන ඔහු ක්‍රීඩා කිරීම සදහා මුහුද ට ගොස් ඇති අතර ක්‍රීඩා කරමින් සිටියදී ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගොස් ඇත‍.

ඔහු ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ 2004 වසරේදීය. 230000 අධික පිරිසක් ජීවිතක්ෂයට පත්කල සුනාමි ව්‍යසනයේ අත්දැකීමටද මුහුණ දෙන්නට ඔහුට සිදු විය‍.
ඉන්පසු කිහිප වතාවක්ම ලංකාවට පැමිණ ඇති ඔහු ලංකාවේ සූපවේදය සමබන්ධ කෘතියක්ද ප්‍රකාශයට පත් කරන ලදී.

පසු ගිය දෙසැම්බරයේ බී බී සී සේවය හා කළ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ තමන් සර්ෆිංග් හෙවත් දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව කිරීම අවුරුදු 16දී ආරම්භ කළ බවත් ඒ සදහා දැක්වූ ආශාව තමන්ව ලෝකය වටා රැගෙන යන බවත්ය.

කෙසේ වෙතත් ඔහුගේ පෙම්වතිය ඔහුගේ මරණයෙන් පසු ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඔහු ඉතාමත් ආදරය කල ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී මෙසේ මිය යෑම ඉතා කණගාටු දායක කරුණක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි