×

බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නියෝජ්‍ය නායක ඉවත් කිරීමේ වෑයමක්!

බ්‍රිතාන්‍යයේ 2016 යුරෝපා සංගම් ජනමත විචාරණයෙන් උද්ගත වූ තත්ත්වය මත බ්‍රිතාන්‍ය නගර සහ ගම්මාන පමණක් නොව පාර්ලිමේන්තුව තුළද බෙදීම් හට ගැණිනි.


බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ජෙරමි කෝබින් ගේ සගයකු පසුගිය සිකුරාදා (20) දින බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ කම්කරු පක්ෂ නියෝජ්‍ය නායක ටොම් වොට්සන් ගේ ක්‍රියාකලාපය ප්‍රශ්ණ සහගත බව පවසමින් ධූරයෙන් පහ කිරීමේ වෑයමක නිරත වී ඇති බවට වාර්තා වේ. 

කම්කරු පක්ෂයේ ජාතික විධායක කමිටු රැස්වීමේදී කම්කරු පක්ෂ සාමාජික ජොන් ලාන්ස්මන් තම පක්ෂයේ නියෝජ්‍ය නායක වොට්සන් බ්‍රෙක්සිට් අර්බුදය හමුවේ පක්ෂ ප්‍රතිපත්තීන්ට ද්‍රෝහී අන්දමින් ක්‍රියා කොට ඇතැයි චෝදනා කරමින් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කමිටු සභාපතිවරයා තීන්දු කරනු ලැබුවේ මෙම යෝජනාව ඉවත දැමිය යුතු බවට යි. එහෙත් ඒ නයින් එම යෝජනාව අවලංගු කිරීමට පක්ෂව තුනෙන් දෙකක ඡන්දය හිමි නොවූ බැවින් මෙම යෝජනාව නැවත කමිටුවට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 

කම්කරු පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය නායක ටොම් වොට්සන් ගේ කාර්යාලයෙන් මේ පිළිබඳ කළ විමසීමකදී පිළිතුරක් ලබා දී නොතිබුණු බවට ද වාර්තා වේ.

අද දින පටන් බ්‍රයිටන් නගරයේ ඇරඹෙන මෙම සමුළුවේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම නොහොත් බ්‍රෙක්සිට් ගැටළුව පිළිබඳ යුරෝපා සංගමයට එරෙහිව කටයුතු කිරීමට විපක්ෂ නායක කෝබින් හට දිගින් දිගටම බලපෑම් එල්ල වනු ඇත. 

බ්‍රිතාන්‍යයේ 2016 යුරෝපා සංගම් ජනමත විචාරණයෙන් උද්ගත වූ තත්ත්වය මත බ්‍රිතාන්‍ය නගර සහ ගම්මාන පමණක් නොව පාර්ලිමේන්තුව තුළද බෙදීම් හට ගැණිනි. මෙම වාතාවරණය තුළ කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ නායකයින් තම පක්ෂ තුළ එකමුතුභාවය තබා ගැනීමට අරගල කරන බවට පෙනී යයි.

ජාතික මැතිවරණයක් පැවැත්වීමට ප්‍රථම දෙවන වරටත් මේ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීමට තමා කැමති බවට විපක්ෂයේ නියෝජ්‍ය නායක ටොම් වොට්සන් පැවසීමත් සමඟ බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ කම්කරු පක්ෂය තුළද බෙදීම් හට ගෙන ඇති බවට ප්‍රදර්ශනය වීම ආරම්භ විය. මන්ද, ඔහුගේ මතයට පටහැනිව විපක්ෂ නායක කෝබින් ඇතුළු කම්කරු පක්ෂය මත දරා සිටියේ මේ පිළිබඳ දෙවන වරට ජනමත විචාරණයක් පැවැත්විය යුත්තේ ජාතික මැතිවරණයකට පසුව බවයි. එමඟින් යුරෝපා සංගමයේ රැඳී සිටීමට එරෙහිව විශ්වාසනීය ජනමත විචාරණයක් ලබා ගැනීමට පහසු බවට කම්කරු පක්ෂයේ මතය විය.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි