×

බෘෘනායි රාජ්‍යයේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

විවාහ උත්සවය ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට බෘෘනායි රාජ්‍ය ප්‍රසිද්ධියක් උසුලයි.

32 හැවිරිදි මටීන් කුමරු බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇති අතර බෘෘනායි හි හමුදා නිලධාරියකු වේ.

ඔහු විවාහ වූයේ සිය දිගුකාලීන පෙම්වතිය වූ 29 හැවිරිදි යැං මුලියා අනීෂා නමැති සාමාන්‍ය තරුණියක් සමඟය. ඇය බෘෘනායි රජුගේ උපදේශකවරයකුගේ මිනිපිරියක් බවද වාර්තා වේ.

ලොව විශාලතම රජ මාළිගාව ලෙස සැලකෙන ඉස්තානා නූරුල් ඉමාන් මාළිගාවේදී පැවැති රාජකීය විවාහයට මැදපෙරදිග ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන් ඇතුළු රජවරුන් සහභාගි වී ඇති බව වාර්තා වේ.

විවාහ උත්සවය ලබන 17 වැනිදා දක්වා පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි