×

බක් ඒන්ජල් – තමන් ව සොයා ගිය විප්ලවීය පිරිමියා

‘බක් ඒන්ජල්‘ නමින් ලෝක පූජිත ඔහු පිළිබඳ ලංකාවේ සිංහල මාධ්‍යයක පළවන ප්‍රථම සම්මුඛ සාකච්ඡාව මෙයයි. මෙය අප විසින් exclusively ලබාගත් සම්මුඛ සාකච්ඡාවකි.


Buck Angel – The Man with a Pussy – ලෝකයේ ජනප්‍රියම සංක්‍රාන්ති ලිංගික පිරිමියා – ‘බක් ඒන්ජල්‘ OUTBOUNDTODAY.COM වෙත ලබාදුන් EXCLUSIVE සම්මුඛ සාකච්ඡාව

ප්‍රශ්නය: අපද ඇතුළුව මුළු මහත් ලෝකයම ඔබ ගැන දන්නේ ඔබ කාමෝද්දීපන චිත්‍රපටවල රඟපාන රංගන ශිල්පියකු හැටියට. ඒ වගේම “අ ජයන්ට් විත් අ පුසී” කියන නම ඔබට පටබැඳුනක්. ඔබ කවුද කියලා හඳුන්වා දෙන්න …?..

පිළිතුර:

මා වෙත යොමුවීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මා ගැන, මා කරන මෙහෙයන් ගැන අධ්‍යනය කරන්න වගේම මාව ඔබේ ග්‍රාහකයන්ට හඳුන්වා දෙන්න ඔබ ගන්නා උත්සාහය මම අගය කරනවා. මගේ නම බක් ඒන්ජල්. මම සංක්‍රාන්ති ලිංගික පිරිමියෙක්. මා පසුවන්නේ පනස් හය වැනි වියෙහි. මා උපත ලැබුවේ ගැහැණු ළමයෙකු හැටියට. සංක්‍රාන්ති ලිංගික පිරිමියකු බවට පත්වුණේ මෙයට අවුරුදු 20කට පමණ ඉහතදී. ටෙස්ටොස්ටෙරෝන් හොර්මෝනයත් ශල්‍යකර්මයකුත් භාවිතයට ගනිමින් පුරුෂරූපී බව හැකි තරම් වැඩි කරගනිමින් මගේ ශාරීරික පෙනුම මම සකසා ගත්තා. මම මගේ පියයුරු ඉවත් කරගත්තා. ශාරීරික පෙනුමෙන් මා පිරිමියකු බවට පත්වුණත්, ඒ බව මට දැනුණත් මගේ යෝනි මාර්ගය ඉවත් කෙරුණේ නැහැ. මෙයට වසර කිහිපයකට ඉහතදී ශල්‍යකර්ම කරගැනීම මට ඒ තරම් යහපත් තත්ත්වයක් වුණේ නැති නිසා මගේ යෝනි මාර්ගය තබාගන්න මට සිදුවුණා. යෝනි මාර්ගයක් සහිත පුරුෂ ශරීරයක් ගැන හිතන්න මට එනිසාම සිදුවුණා. මා ස්වයං සම්භෝගය ගැන දැනගත්තා. එය මගේ ජීවිතය වෙනස් කළා. යෝනියක් සහිත පිරිමියකු හැටියට සුරතාන්තයට පත් වූ විට මා පැවසුවේ මේ දැනෙන විධියට මම ආදරෙයි; ඇයි මම, මා ගැන ලජ්ජා වෙන්නේ කියලා. ඒ ආරම්භය නිසා කාමෝද්දීපන රචනාවන් කිරීම වෘත්තීය බවට පත් කරගන්න මා තුළ පෙළඹවීමක් ඇතිවුණා. “මෑන් විත් අ පුසී” (ගැහැනු ලිංගේන්ද්‍රියක් සහිත පිරිමියා) හැටියට මම මා හඳුන්වා ගැනීම ඇරඹුවා. ඒ දවස එළඹුණේ මෙයට වසර 18කට පමණ ඉහතදී. කාමෝද්දීපන රචනාවන්ට සහභාගීවීම මගේ වෘත්තීය හැටියට මා ගොඩනඟා ගත්තේ සම්මානත් සමඟයි. FTM PORN (ගැහැනියක හැටියට ඉපිද පසුව පිරිමියකු බවට පත් වූවන් වෙනුවෙන් කෙරන කාමෝද්දීපනය රචනාවන්) කියන රීතිය මා නිර්මාණය කළා. සංක්‍රාන්තික පිරිමි වෙනුවෙන් රති කෙළිබඩු පළමුවෙන්ම නිර්මාණය කළේ මා. එය හැඳින්වුණේ “බක් ඕෆ්” (Buck off) යනුවෙන්. මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයකු හැටියට කටයුතු කිරීම මා ඇරඹුවේ පසුවයි. පුරුෂයන් බවට පත්වුණු අයගේ ලිංගික සෞඛ්‍යය කියන මාතෘකාව මුළුමහත් ලෝකය පුරාම කතා කරන්න මා පටන් ගත්තා. සංක්‍රාන්තික පිරිමින් පිළිබඳ ක්‍රියාකාරිකයකු වූ ලියොන් මොස්ටොවෝයි සමඟ එකට එකතුවෙලා මම කංසා ව්‍යාපාරයක් පටන් ගත්තා; ලොස් ඇන්ජලිස්වල. එය හැඳින්වෙන්නේ “ප්‍රයිඩ් වෙල්නස්” කියලා. කංසා නිසා ඇතිවන රෝගී තත්ත්වයන් ගැන LGBT (කාන්තා සමලිංගික, පිරිමි සමලිංගික, ද්විලිංගික සහ ලිංගික සංක්‍රාන්ති) ප්‍රජාවන්වලට අධ්‍යාපනය දීම ආරම්භ කළා.

ප්‍රශ්නය: ඔබේ ළමා අවධියේ මතකයන් ගැන තොරතුරු ටිකක් අපට කියන්න පුළුවන් ද? අපි දන්නවා ඔබ එකල“සුසාන්” යන නමින් හැඳින්වුණු රූමත් ගැහැණු ළමයෙක් කියලා. ඒ කාලේ ඒ ගැහැණු ළමයා තුළ පිරිමි ළමයෙකුත් හිටියාද?

සුසාන්, බක් ඒන්ජල් බවට.. | pitorreo.com

පිළිතුර:

ඔබ බක් කියලා අද දකින්නේ ඇත්තටම ඒ පුංචි ගැහැණු ළමයා තමයි. මගේ ළමා කාලය හරිම රමණීය සාමාන්‍ය එකක්. ඒ වුණත් මම, පිරිමි ළමයකු බව දැනුන ගැහැණු ළමයෙක්. මම පුංචි බක් කෙනෙක් වෙන එක මගේ පවුලේ අය එය අනුමත කළා. පල්ලියට යමින්, ලස්සන ඇඳුම් අඳිමින්, පවුලේ සාදවලට එකතුවෙමින් කිසියම් කාලයක් මම ගැහැණු ළමයෙක් වශයෙන් හිටිය හැටි මට මතක් වෙනවා. ඒ වුණත් වැඩි කාලයක් මා ගත කළේ පිරිමි ළමයකු හැටියට. මම අනෙක් ළමයින්ගේ උසුළු විසුළුවලට ලක් වුණා. ඒ උසුළු විසුළු නිසා තමයි; මා ශක්තිමත් ළමයකු බවට පත්වෙන්නේ. කොහොම වුණත් මූලික වශයෙන් මට හැම වෙලාවේම දැනුනේ මා පිරිමි ළමයකු බව. පාපන්දු ගැසීම, හිම ක්‍රීඩා කිරීම සහ කොල්ලන් කරන අනෙක් සෑම ආකාරයක ක්‍රීඩාවන් මාත් කළා. ගැටළු පැන නැඟෙන්න පටන් ගත්තේ මල්වර වියට එළඹීමත් සමඟයි. ආර්තවය තමයි ප්‍රශ්නය වුණේ. මගේ දේහයෙන් නාරි ලක්ෂණ මතුවෙන්න පටන් ගත්තේ එහිදී. එතැනදී මගේ හැඟීම් එළිවෙන්න පටන් ගත්තා. අවසානයේ ආරම්භය එයයි.

ප්‍රශ්නය: ඔබ ඔබේ වෘත්තීය ජීවිතය පටන් ගන්නේ නිරූපිකාවක් හැටියට. ඒ අවධිය ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? විශේෂයෙන්ම ඔබ නිරූපිකාවක් හැටියට ඔබේ මස්තකප්‍රාප්තිය ගැන ..?

පිළිතුර:

හරිම විනෝදයි. ඒ මොකද කියනවා නම්, මම මගේ නිරූපණ වෘත්තීය ගැන ඒ හැටි හිතුවේ නැති නිසා. ඒක භයංකාරයි. ඒක වෘත්තියක් නෙවෙයි. ඒක කොහෙත්ම මට හරිගිය වැඩක් නෙවෙයි. පස්සේ මම හොලිවුඩය ගැන දැනගත්තා. එහි හිටිය හුඟක් අයට අවශ්‍ය වුණා; මා සාර්ථකත්වයට පැමිණෙනවා බලන්න. ඒ වුණත් කාන්තාවක හෝ නිරූපිකාවක හෝ හැටියට මා සංතෝෂයට පත් වුණේ නැහැ. මම එහි වැඩ කළා තමයි; මොකද, මත්ද්‍රව්‍යය සහ මධ්‍යසාර මිලදී ගන්න එයින් මට මුදල් හම්බ කරගන්න පුළුවන් වුණ නිසා. එසේ වුවත් එය වසරක් වැනි කාලයකින් අවසන් වුණා. මම ලන්ඩනයට ළඟා වුණාම මට නිරූපිකාවක් හැටියට ඉදිරියට එන්න සෑම අවස්ථාවක්ම ලැබුණා. ඒ සියල්ල මා දැඩි ද්වේශයකින් බැහැර කළා. අන්තිමේදී මම මගේ ගමන යන්න පටන් ගත්තා. පුංජායාංගධාරී පළමු නිරූපකයා වුණේ මම. ඒ නිසා මට අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ලැබුණා. එසේ වුවත් එය මගේ ගමන් මඟ නොවෙයි.

ප්‍රශ්නය: සංක්‍රාන්තිය ඇරඹුණේ කුමන කාලයේදී ද? රූමත් ගැහැණු ළමයකුව සිට කඩවසම් ජේත්තුකාරයකු වීම දක්වා සිදුවුණු ක්‍රියාවලිය අපට කරුණා කරලා විස්තර කරනවා ද?

පිළිතුර:

හ … හ… හා … මම සංක්‍රාන්තියට පත්වන අවධියේදී අන්තර්ජාලය යම්තමින් භාවිත වන දෙයක්. සංක්‍රාන්තික තත්ත්වයට පත්වන පිරිමින් සඳහා අවශ්‍යය පහසුකම් ලබාදෙන වෛද්‍යවරු ලොස් ඇන්ජලීස්වල හිටියේ නැහැ. ටෙස්ටොස්ටෙරෝන් ලබාගන්න මම වෛද්‍යවරයකු අන්තිමට සොයා ගත්තා. ඔහු එහිදී කියනවා “පිරිමියකු ලෙස ඉපිද ගැහැනියක බවට පත්වන ලිංගික සංක්‍රාන්තිකයන් සමඟ මම අවුරුදු ගණනාවක් වැඩ කරලා තියෙනවා. ගැහැනියක ලෙස ඉපිද පිරිමියකු බවට වෙනස් වන, මගේ පළමු ලිංගික සංක්‍රාන්තිකයා ඔයයි. ඒ නිසා ඔයා මට ගිනි හාවෙක්” කියලා. ඒක බය උපදවන කතාවක්. ඒ වුණත් මට වෙන තෝරා ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින්, මම ටෙස්ටොස්ටෙරෝන් මාත්‍රාව ලබාගැනීම ආරම්භ කළා. හැම දෙයක්ම හරියට සිදු වුණා. අවුරුද්දක් විතර හෝර්මෝන ගත්තාට පස්සේ, මම බෙවරිහිල්ස්හි සිටි විශිෂ්ට වෛද්‍යවරයකු ලුහුබැඳ ගියා. ඔහු පොහොසත් පුද්ගලයන්ට ප්ලාස්ටික් ශල්‍යකර්ම කළ වෛද්‍යවරයෙක්. පිරිමියකු ලෙස ඉපිද ගැහැනියක බවට පත්වන ලිංගික සංක්‍රාන්තිකයන් සඳහා ඔහු පියයුරු ශල්‍ය කර්ම කර තිබුණා. නව තාක්ෂණික ක්‍රම යොදාගෙන මගේ ශරීරයේ ඉහළ කොටසේ ශල්‍ය කර්මය කිරීමට ඔහුට ඒ නිසා හැකියාව තිබුණා. ගැහැනියක පිරිමියකු බවට පත් කිරීම සඳහා ඔහු යටතේ කෙරෙන පළමු ශල්‍ය කර්මයට භාජනය වුණේ මම. ඔහුත් වික්ෂිප්තභාවයෙන් පසු වුණේ. ඒ වුණත් ඔහු විශිෂ්ට කාර්යයක් කළා. ඒක තමයි; මගේ නව ජීවිතයේ ආරම්භය. මගේ ජීවිතයේ හිටිය සමහර අය මේ වෙනස අවබෝධ කරගත්තේ නැහැ. ලිංග වෙනස් කිරීම මහා භායනක දෙයක් කියා ඔවුන් වටහා ගෙන තිබීම එයට හේතුව. මා සංක්‍රාන්තික තත්ත්වයට පත් වූ දා සිට අද දක්වා ගෙවුණු කාලයේදී සමහර ගැහැනුන් මට තුච්ඡ දේවල් කිව්වා; මාව යහළුවකු ලෙස ආශ්‍රය කිරීම පවා සමහරුන් අතහැර දැමුවා. අනෙක් අයට පළමුව යමකට මුල් වී ක්‍රියාකරන පිරිසට සිදුවන දෙයින් කොටසක් ඒක. මා එයට විශාල වශයෙන් හසුවෙලා සිටියේ.

ප්‍රශ්නය: එහි දී සිදුවුණු නරකම දෙය කුමක්ද?

පිළිතුර:

යහළුවන් අහිමි වීම. එනිසා මගේ හදවත බිඳී යමින් තිබුණේ. ඒ වගේම හුදකලා බවක් දැනුනා. මට මගේ ආදරවන්තයින් පවා අහිමි වුණා. අද මගේ සහයට ඉන්නවා වගේ විශාල පිරිසක් එදා හිටියේ නැහැ. ෆේස්බුක් ගිණුමක් තිබුණේවත් ප්‍රජා මිතුරු කණ්ඩායම් හිටියේවත් නැහැ. මේ නිසා තමයි, මම දරුවන් සමඟ කතා කරන්නේ; විශේෂ වරප්‍රසාදයක් ලැබී තිබෙන අයව ඔවුන්ට දැනගන්න ඉඩ හරින්න; එය ත්‍යාගයක් ලෙස අවබෝධ කරගන්න, වගේම නම් යෙදීම නවත්වන්න. එපමණක් නොවෙයි ඒ අයට ගරු කරන්න උගන්වන්න.

imgur.com

ප්‍රශ්නය: ඔබ යෝනි මාර්ගය පවත්වාගෙන යන්න තීරණය කරලා තියෙනවා. මොකක්ද එකට හේතුව? ඔබ තුළ තිබුණු නාරි දේහ ලක්ෂවලට තවමත් ඔබ ආදරෙයි කියන එකද?

පිළිතුර:

ගැහැනියක වුණාට මගේ යෝනි මාර්ගයෙන් වැඩක් තිබුණේ නැහැ. එය ඉවත් කරන්න කරන ශල්‍යකර්මය අවදානම් සහගත නිසායි මම ඒ තීරණය ගත්තේ. එය සිදුකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයට මම කැමති වුණේ නැහැ. මම තවමත් එයට කැමති නැහැ. මෙයින් මම කියන්නේ මම පෞද්ගලිකව එයට කැමති නැහැ කියන කාරණය. සංක්‍රාන්තික තත්ත්වයට පැමිණි පිරිමියකු එය කරන්න හිතනවා නම් මම එයට සම්පූර්ණයෙන් ගරු කරනවා. ඒත් එයින් අදහස් කරන්නේ නැහැ, මට මේ සැත්කමට විරුද්ධ වෙන්න බැහැ කියන එක. මම දන්නා විධියට එය තරමක් ප්‍රාථමිකයි. ඉතින් උපතින් මට ලැබුණ දේ මම වැළඳ ගත්තා. මම මට වෙනස් කරන්න පුළුවන් දේ වෙනස් කළා; මට වෙනස් කළ නොහැකි දේ මම ඒ විධියට පිළිගත්තා. සරලයි.

ප්‍රශ්නය: කාමෝද්දීපන තාරකාවක් හැටියට ඔබේ ගමන ගැන අපට කියන්න පුළුවන් ද? ඔබ එය ආරම්භ කළේ ගැහැණු ළමයකුව සිටියදී ද? එහෙම නැත්නම් මේ පරිවර්තනය සිදු වුණාට පසුවද?

පිළිතුර:

කාමෝද්දීපන ප්‍රකාශන සමඟ වැඩ කිරීම මා ආරම්භ කළේ මේ පරිවර්තනවලින් පසුව. පිරිමියකු හැටියට ඉපිද පසුව ගැහැනියක බවට පත් වූවන් සඳහා කෙරෙන කාමෝද්දීපන රචනා තිබුණත් ගැහැනියක හැටියට ඉපිද පසුව පිරිමියකු බවට පත් වූවන් වෙනුවෙන් කෙරෙන කාමෝද්දීපනය රචනා නැති නිසයි මම මෙය ආරම්භ කළේ. මම මටම සපථ කරගත්තා; මා වැනි මිනිසුන් ජීවත්වන බව ලෝකයට ඒත්තු ගන්වන්නත් අප ලිංගික බව දන්වන්නත්. ඒක අමාරු කාරියක්. හුඟදෙනෙක් මට විරුද්ධ වුණා. විශේෂයෙන්ම මා ද ඇතුළත් සංක්‍රාන්තික පිරිමි ප්‍රජාව. පහත් සතෙක් පසුපස එනවා වගේ ඔවුන් මා පසුපස ආවා. ඔවුන් මට කීව දේවල් නිසා මා ව්‍යාධි තත්ත්වයකට පත් වුණා. සංක්‍රාන්තික පිරිමින් තමන් යෝනි මාර්ගයක් සහිත පිරිමින් කියලා හඳුන්වා ගැනීම, අද තියෙන හාස්‍යයාම දේ. මම වැඩ ආරම්භ කළ පළමු තුන් වසර මට දුෂ්කර වුණා. මට සහයක් ලැබුණේ නැහැ. ඒත් මම වැඩ කරගෙනම ගියා. මගේ ශ්‍රමයේ ඵල නෙලන්න ඔබට අද පුළුවන්.

ප්‍රශ්නය: අපි ඔබව හඳුන්වන්නේ විප්ලවයේ නිර්මාතෘවරයා හැටියට. ලිංගභේදය පරිවර්තනයකට ලක්ව ජීවත්වන කෙනෙකු හැටියට ඔබ වර්තමාන ලෝකය ගැන මොනවද හිතන්නේ ?… ඔබේ තරුණ කාලයේදී පැවැති තත්ත්වයට වඩා ලිංගික සංක්‍රාන්තිකයන්ට ජීවත්වෙන්න සුදුසු තැනක්ද එය දැන්?

පිළිතුර:

අහ් … එය දැන් හරිම සෞම්‍ය තැනක්. වෙනසක් කරන්න, මමත් එක්තරා විධියකින් හඬක් එකතු කළා කියලා මට දැනෙනවා. මගේ කාමෝද්දීපන රචනාවන් මට හඬක් දුන්නා. එය ප්‍රබලයි. අද අප නව ලිංගික අනන්‍යතාවයක් ඇතිකරගෙන තිබෙනවා. එය පුදුම සහගතයි. එසේ වුවත් මෑත භාගයේදී ට්‍රම්ප් සහ ඔහුගේ නාසි යාන්ත්‍රණයෙන් අපි බැට කනවා. එය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තිබෙන තත්ත්වයක් පමණක් නොවෙයි; මුළු ලෝකය පුරාම දකින්න පුළුවන් තත්ත්වයක්. අද මම ඉන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. සමරිසි ගැහැණු, සමරිසි පිරිමි, ද්වීරිසි සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ට හුඟක් ප්‍රහාර එල්ල වෙනවා. මට හිතෙනවා මගේ හඬ සහ මගේ ශාරීරික විපර්යාස භාවිත කරමින් මම හුඟක් බලගැන්විලා කියලා. මිනිසුන්ට සංක්‍රාන්ති ගැන සලකා බැලිය හැකි තැනෙක ලිංගික සංක්‍රාන්තික ප්‍රජාව ඉන්නවා කියලා මට හිතෙනවා.

YouTube

ප්‍රශ්නය: ඔබ ප්‍රශංසනීය ලෙස පිළිගන්නා සංක්‍රාන්ති ලිංගික ගැහැණිය සහ පිරිමියා කව්ද?

පිළිතුර:

මම ඇලුම් කරනවා ලෝරා ජේන් ග්‍රේස්ට. ඇය ඒ තරම්ම බලාගාරයක්. අපි මිතුරන්. ඈ ඇගේ දෘශ්‍යතාව සහ සංගීතය හරහා අනන්‍යතා සීමාවන් නොනවත්වාම තල්ලු කරනවා. ලූ සුලිවාන් සංක්‍රාන්ති පිරිමියෙක්. ඔහු තම ක්‍රියාකාරීත්වයන් හරහා සංක්‍රාන්තික ප්‍රවේශය සැකසුවා. ඔහු 1991 මාර්තු 2වැනිදා ඒඩ්ස් රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඔහු මට විශාල බලපෑමක් කළ පුද්ගලයෙක්.

ලෝරා ජේන් ග්‍රේස් සමග | Pinterest

ප්‍රශ්නය: මේ ලෝකය මෙයට වඩා සොඳුරු තැනක් කරන්න අනාගතයේදී ඔබ මොන වගේ දේවල් කරන්නද සැලසුම් කරන්නේ?

පිළිතුර:

මගේ බලාපොරොත්තුව සහ මගේ සිහිනය, දරුවන් සහ වැඩිහිටියන් සමඟ වැඩ කිරීම. තෝරා ගැනීම්වලට ගරු කරන ආකාරය උගන්වන්න පටන් ගත හැකි ආදරණීය තැනක් ගොඩනඟන්න මම කැමතියි. සංක්‍රාන්ති ලිංගිකයන්ට මාර්ගයක් නැහැ. ඒක අතීතය. ප්‍රයිඩ් වෙල්නස් කියන මගේ ව්‍යාපාරය හරහා කංසා ගැන ලෝකය දැනුවත් කිරීමට අනාගතයේදී මම හිතාගෙන සිටිනවා. මට ජීවිතයේ තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. වෙනසක් ඇති කිරීම සඳහා මගේ සංක්‍රාන්ති ලිංගිකත්වය සහ මගේ හඬ භාවිතයට ගන්න ඕන කියලා මට දැනෙනවා.

බොහොම ස්තුතියි ඔබ මා වෙත යොමු වූවාට.

සිංහලට නැඟීම – මංජුලා විජයරත්න

විශේෂ ස්තූතිය : www.zestgirls.com



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි