×

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇතිවනු ඇති බවටයි.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 29,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පවතින වර්ෂා අධික කාලගුණික තත්වය හේතුවෙන් කෙන්යාවේ කිජාබේ ප්‍රදේශයේ මායි මහියු හි වේල්ලක ඉවුරු පුපුරා යාම නිසා ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් බාලවයස්කරුවන් 17ත් දෙනෙකු ඇතුළුව 120 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් අඛන්ඩවම ක්‍රියාත්මක වන අතර රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයින් 131,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇත. ගංවතුර නිසා රට පුරා ඇති මාර්ග සහ පාලම් විනාශ වී ඇත.

කෙන්යානු බලධාරීන් අවුල් සහගත තත්ත්වයන්ට මුහුණ දීමට අරගල කරමින් සිටින අතර එල් නිනෝ කාලගුණ රටාව සෘතුමය වර්ෂාපතනය උග්‍ර කරන බැවින් මෑත සතිවල නැගෙනහිර අප්‍රිකාවට තද වැසි ඇද හැලෙමින් තිබේ. මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇතිවනු ඇති බවටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි