×

සතියක් තිස්සේ දැල්වෙන කැලිෆෝනියා ලැව් ගින්නෙන් මිය ගිය ගණන 63ක්. 600 ක් අතුරුදහන්

කැලිෆෝනියා ජනපදයේ වේගයෙන් පැතිරී යන ලැව්ගිනිවලින් මිය ගිය ගණන දැනට 63 ක් ලෙස වාර්තා වන අතර, 600කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.


ඇමරිකාවේ ලැව්ගිනිවලට ප්‍රසිද්ධ කැලිෆෝනියා ජනපදයේ ඉතිහාසයේ එදා මෙදාතුර ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්වය ලෙස වාර්තා වන්නේ මෙයයි. 5600 ක් වන ගිනි නිවන භටයෝ තවත් මළ සිරුරු තිබේදැයි සොයමින් සිටිති. ගිනි නිවන යන්ත්‍ර මෙන්ම බුල්ඩෝසර් ද මේ සඳහා යොදා ගැනේ. එසේම ඩීඑන්ඒ සාම්පල එක්රැස් කිරීම සඳහා ද වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන්නේ අතුරුදන් වූ මිනිසුන් සොයන ඥාතීන්ට උදව්වක් වනු සඳහා ය. එහිදී ගිනිබත් වූ ස්ථානවලින් හමුවන පටක සහ අස්ථි කොටස් යොදා ගැනෙයි. ANDE නමැති ආයතනය යොදවා මේ අන්දමින් ඩීඑන්ඒ සාම්පල එක්රැස් කිරීම සහ පරීක්ෂණ කිරීම සිදු කර තිබෙන්නේ මීට පෙර යුධ කලාප සහ අපරාධ සිදුවූ ස්ථාන සඳහා පමණි. මරණ පරීක්ෂණ කණ්ඩායම්, සුනඛයන් මෙන්ම ජාතික ආරක්ෂක බලඇණියක් ද මේ සඳහා යොදවා තිබේ.

පැරඩයිස් සහ බට් කන්ට්‍රි ආශ්‍රිත ප්‍රදේශ ගිනි රකුසා විසින් සහමුලින්ම ගිනිබත් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ. පුල්ගා ප්‍රදේශය අසලින් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ මේ ලැව් ගින්නට දැනට සතියකි. අක්කර 140,000 ක් පුරා එය පැතිරී ගොස් තිබේ. අධික සුළං සහ අඩු ආර්තවය ගින්න වේගයෙන් පැතිරීමට උත්තේජක වශයෙන් ක්‍රියා කර තිබේ.

ඇතැම් ප්‍රදේශවල දහවල් කාලයේ හිරු දැකිය නොහැකි තරමට ඝන දුමාරයක් පැතිරී ගොස් ඇති බව ද වාර්තාවල සඳහන් ය. එසේම දිවි බේරාගත් පුද්ගලයන් හට ද එළිමහනට නොයන ලෙස උපදෙස් ලබාදී ඇත්තේ වායුගෝලයේ විෂ සහිත බව හේතුවෙනි. වාතයේ ගුණාත්මය ‘අතිශයින්ම සෞඛ්‍යමත් නොවන බව‘ නිල වශයෙන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ලැව් ගින්නෙන් සැතපුම් 175 ක් පමණ දුරින් පිහිටා තිබෙන සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි ප්‍රදේශවලට ද මෙම විෂ වායුව පැතිරී ඇත.

පෙර ලිපි-

හොලිවුඩ් තරු ද ඇතුළුව 250,000 ක ගේ නිවෙස් ලැව්ගින්නට බිලි

[embedyt] https://www.youtube.com/watch?v=32YGGYaUTgE[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි