×

කාම්බෝජයේ පරිසරවේදීන් රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව මත සිරගත කෙරේ

කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇත.


සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කාම්බෝජයේ සම්මානලාභී පරිසර ප්‍රචාරක කණ්ඩායමක් වන Mother Nature හි ක්‍රියාකාරීන් දස දෙනෙකු රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව මත වැරදිකරුවන් වී ඇති බවත් තවත් තිදෙනෙකු රජුට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී වසර හයේ සිට අට දක්වා සිර දඬුවම් නියමව ඇති බව වාර්තා වේ.

අද(02)උදෑසන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විත්තිකරුවන් හතර දෙනෙකු නොම් පෙන් අධිකරණයෙන් පිටත අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කොටසකට නොපැමිණීම සම්බන්ධයෙන් දඬුවම් නියම කෙරිණ.

ඒ අනුව, දඬුවම් නියම වූවන් අතර Thun Ratha, Long Kunthea, Phuon Keoraksmey, Binh Piseth සහ Pork Khoeuy යන අය කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් වසර හයක සිර දඬුවම් නියමව ඇති අතර තවත් තිදෙනෙකු වන Gonzales-Davidson, Sun Ratha සහ Yim Leanghy රජුට කුමන්ත්‍රණය කිරීම සහ අපහාස කිරීම යන දෙකටම වසර අටක සිරදඬුවමක් නියම කරන ලද අතර KHR 10,000,000 (£ 1,900) දඩයකට ද මුහුණ දීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්හි පර්යේෂණ කලාපීය අධ්‍යක්ෂ මොන්ට්සේ ෆෙරර් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙම අත්අඩංගුවට ගැනීම කාම්බෝජයේ සිවිල් සමාජයට තවත් දරුණු පහරක් වන බවත්, පාරිසරික ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින තරුණ නායකයින්ට ඇහුම්කන් දෙනවා වෙනුවට, කාම්බෝජ රජය කතා කිරීමට නිර්භීත අය සිරගත කිරීමට පෙළඹ ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි