×

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණයට, ෆේස් බුක් පරිශීලකයන් මිලියන 50 කගේ දත්ත සොරකමක්

පෞද්ගලික සමීක්ෂණ ආයතනයකට චෝදනා


ඩොනල්ඩ් ට්‍රම්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා පෞද්ගලික දත්ත සමීක්ෂණ ආයතනයක් ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 50 දෙනෙක්ගේ තොරතුරු රහසිගතව භාවිතා කළ බව හෙළි වී තිබේ. කේම්බ්‍රිජ් ඇනලටිකා Cambridge Analytica නමින් හඳුන්වන මෙම සමීක්ෂණ ආයතනය දේශපාලන සහ වාණිජ ප්‍රචාරණය සඳහා නමක් දිනාගෙන සිටින ආයතනයකි. 2016 වසරේ ඇමරිකානු ජනපති වරණයේදී මෙම ආයතනය ෆේස්බුක් පරිහරණය කරන්නන් මිලියන 50 දෙනෙක්ගේ තොරතුරු රහසිගතව මැතිවරණ කටයුතු සඳහා භාවිත කළ බවට නිව්යෝර්ක් ටයිම්ස් සහ ලන්ඩන් ඔබ්සවර්ස් පුවත් පත් පෙන්වා දෙයි. මෙම තොරතුරු ලබා ගනිමින් පාවෙන ඡන්ද දායකයින්ගේ අදහස් වෙනස්කීරීම සඳහා මෙම ආයතනය කටයුතු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධව ඇමරිකකානු මැසචුසේට් ඇටෝනි ජෙනරාල්වරිය මවුරා හේලි පවසා ඇත්තේ ඔවුන් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරනු ඇති බවයි.

මේ සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ට්‍රම්ප් ජනපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන කටයුතු කළ ධවල මන්දිර උපදේශකයන් දෙදෙනෙක් හරහාය.

ෆේස් බුක් ආයනයෙන් සහ අදාල සමීක්ෂණ ආයතනයෙන් මේ සඳහා ඔවුන්ගේ අදහස් විමසා ඇති බවත් වාර්ථා වේ. මේ පිළිබඳව ෆේස් බුක් ආයතනයේ ප්‍රතිචාරය වී ඇත්තේ මේ වනවිටත් අදාල කේම්බ්‍රිජ් ඇනලටිකා Cambridge Analytica ආයතනය තම සිය සමාජ මාධ්‍ය ජාලයේ නීති රීතීන් කඩ කිරීම හේතුවෙන් එම සමීක්ෂණ ආයතනය අත්හිටුවීමට කටයුතු කළ බවයි.

මේ පිළිබඳව අනාවරණය කරනු ලැබූ පුවත් පත් වාර්ථා කරන්නේ මෙම සමීක්ෂණ ආයතනය අධ්‍යයන පර්යේෂණ කටයුත්තක මුවාවෙන් ෆේස්බුක් පරිහරණය කරන්නන් මිලියන 50ක පෞද්ගලික තොරතුරු ලබා ගෙන ඇති බවයි. ඔවුන් ඒ සඳහා ‘thisisyourdigitallife’ app නම් ඇප් එකක් යොදා ගෙන ඇති බවත් හෙළි වේ. මේ සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ ට්‍රම්ප් ජනපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන කටයුතු කළ ධවල මන්දිර උපදේශකයන් දෙදෙනෙක් හරහාය. 270000 දෙනා මෙම ඇප් පහසුකම ලබා ගෙන ඇති අතර ඔවුන් එමගින් අධ්‍යයන පර්යේෂණ කටයුතු සඳහා සුළු මුදලක් මත තොරතුරු ලබා දීමට එකඟ වී ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පෙන්වා දෙන්නේ මෙම ඇප් පහසුකම ලබා ගත් පිරිස ඒ ඔසුසේ සිය තොරතුරු නොදැනුවත්වම සපයා ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි