×

ළැම පමණක් ලොවට පෙනෙන නිරුවත් ළඳුන්ගේ කතාවක්

නුහුරු නුපුරුදු ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු තරුණ ගැහැනු පිරිසක් රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර ජනාකීර්ණ වීදියක උස ගොඩනැඟිල්ලක් ඉදිරිපිට සිටගෙන සිටිති.


 ඔවුන් ඇඳ සිටින්නේ ඉතා තද පැහැති ඇඳුම්ය. පය ලා සිටින්නේ අහස අල්ලන්ට හැකි තරමේ උසකින් යුත් උස් අඩි පාවහන්ය. තරුණියන් තවරාගෙන සිටින වත්සුණුත් නයනාලේපනත්, තොල් ආලේපනත් ඒ වයසේ පසුවන අන් කිසිදු එකියක සාමන්‍යයෙන් භාවිතයට නොගන්නා ආකාරයේ පැහැයන් සහ සුගන්ධයන් දරන ඒවා බව ඕනෑම කෙනෙකුට සැණෙකින් අවබෝධ වේ. සෑම උදෑසනකම වීදියට ගොඩවදින මේ කතුන්ගේ චර්යාවද බටහිර. කැරළි නංවමින් දුම් පිටවන සැටියෙන් දුම්වැටියක් උරන එකියක ඒ අතර දැකීම දුලභ දෙයක් නොවේ. තවත් එකියක කතා කරන්නේ හෝ සිනාසෙන්නේ හෝ ලජ්ජාවක් ගැන හෝ බයක් ගැන හෝ අල්ප මාත්‍ර හැඟීමක් නැතිවය. මේ තරුණ ගැහැනුන් සමූහය බටහිර කාමභෝගී චිත්‍රපටවල නිරූපිකාවන් හෝ සල්ලාල ස්‍ත්‍රියන් නිතැතින්ම සිහිගන්වයි.

ඔවුන් “සේවය” කරන්නේ, ඔවුන් එහාට මෙහාට වැනෙමින් පැද්දෙමින්සිටි තැන ආසන්නයේම ඇති උස ගොඩනැඟිල්ලේ පළමු සහ දෙවන මහල්වලයි. ඒ දෙමහලෙහිම තිබෙන්නේ ස්ටුඩියෝ – 20 නමින් හැඳින්වෙන අරුම පුදුම චිත්‍රාගාරයකි. ඒ නිසා මේ තරුණියන් කැළ ස්ටුඩියෝ – 20හි සිදුවන ‘ජරමර‘යකැයි කියා හැඳින්විය හැකි රස්සවක නියැලෙන බවට සැකයක් නැත. ස්ටුඩියෝ – 20හි චිත්‍රාගාරය පෙදෙසට එබී බැලූ කෙනෙකුට එක්වරම පෙනෙන්නේ එකිනෙකට යාබද කාමර පෙළක් වෙත දිවෙන බරාඳයන්ය. කාමරවල දොර පියන් මත දැක්වෙන්නේ වශීකෘත ගැහැනුන්ගේ නග්න දේහවල රූපය. ඇතැම් කාමරවල දොර පියන් තදින් වසා ඇත. එනිසා ඒවා තුළ කිසියම් “ජරමර” කටයුත්තක් සිදුවන බවට ද සැකයක් නැත. කාමර තුළ සිදු වන්නේ කාමෝද්දීපන රචනා කලාවේ නවතම ප්‍රවණතාවයට අදාල “රචනාවක්” ගොඩනැඟීමේ කාර්යය හෙවත් සයිබර් සෙක්ස් කටයුත්තකි. වෙබ් කැමරා මුල්කරගෙන එය සිදුවේ. නව ප්‍රවණතාව ගෝලීය මට්ටම දක්වා මේ වනවිට වර්ධනය වී ඇති බව බී.බී.සී. වෙබ් අඩවිය සිය වාර්තාවකින් පෙන්වා දෙයි.

වෙබ් කැමරා මුල්කරගත් කාමෝද්දීපන රචනයන්හි ප්‍රධාන චරිත නිරූපණය කරන තරුණ “නිරූපිකාවන්” හැඳින්වෙන්නේ “කැම් ගර්ල්ස්” යනුවෙනි. බුකාරෙස්ට් අගනුවර ස්ටුඩියෝ – 20 ඉදිරිපිට ජනාකීර්ණ විදියක ලැජ්ජාවක් බයක් නැතිව හැසිරුණු තරුණියන් සමූහය එවැනි නිරූපිකාවන්ය. එම නිරූපිකාවන්ට තම කටයුතු බාධාවක් කරදරයක් නැතිව කරගෙන යන්නට අවශ්‍ය පරිදි සැකසූ ස්ටුඩියෝ – 20 වැනි චිත්‍රාගාර ලෝකයේ විවිධ ස්ථානවල මේ වනවිට ඉඳි වී ඇත. එවැනි චිත්‍රාගාර තුළට වැද වෙබ් කැමරාවක් ඉදිරිපිටදී “කැම් ගර්ල්ස්” නිරූපිකාවන් සපුරා ලන්නේ උතුරු ඇමෙරිකාව, බටහිර යුරෝපය වැනි රටවල සිටින ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවන්ය. හුරුබුහුටි තරුණියක වන රුමේනියා ජාතික ලානා සේවය කරන්නේ ස්ටුඩියෝ – 20හි කාමර අංක 8හිය. කාමර අංක 8 තුළ දැකිය හැකි වන්නේ කුෂන්වලින් නිමැවුම් කළ රවුම් යහනකි.

එහි පසෙකින් ඇඳුම් අල්මාරියක් ද ඇත. අල්මාරියේ තිබෙන්නේ ලානාට විටින් විට අවශ්‍ය වන ඇඳුම් සහ ආයිත්තම්ය. කාමරයෙහි කෙළවරක විශාල ප්‍රමාණයේ පරිගණක තිරයක් ඇත. පරිගණක තිරය අවට ඉතා වටිනා කියන කැමරා සහ ආලෝකකරණ උපකරණ අටවා තිබෙනු දක්නට ලැබේ. කැමරා නිසියාකාරව නාභි ගත කර ඇත. එනිසා තිරය ඉදිරියේ කෙනෙකු සිදුකරන චලන ග්‍රහණය කරගන්නට ඒවා ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඇසුරු සැණෙකිනි. පරිගණක තිරය ක්‍රියාත්මක කර ලානා එය ඉදිරියේ සිටගෙන කිසියම් රංගනයක යෙදෙන්නට පටන් ගතහොත් ඇගේ සජීවී රංගනය ලොව පුරා වෙසෙන විශාල පිරිසකට දැක බලාගන්නට පුළුවන් වන විධියට එම සියලු ආම්පන්න සීරුමාරු කර තිබේ.

නමුත් ලානාගේ රංගනය විශාල පිරිසකට නැරඹිය හැකි වන්නේ වැඩිහිටියන්ට පමණක් වෙන් වූ වෙබ් අඩවි හරහාවීම විශේෂත්වයකි. විශාල පිරිසක් ඇගේ රංගනය නැරඹුවත් ඇයව පෞද්ගලිකව දිනාගෙන ඈ සමඟ සයිබර් සම්බන්ධතාවක් ඇතිකර ගන්නට ඉඩක් ලැබෙන්නේ මුදල් ගෙවා “වැඩයට බහින සල්ලිකාරයෙකුටය”. ඒ බැව් ලානාට දැනගන්නට ගත වන්නේ නිමේෂයකි. එතැන් සිට ලානා ඉටුකරන්නේ මුදල් ගෙවා තමන් සමඟ සම්බන්ධතාවයක් පවත්වන්නට පැමිණි පුද්ගලයාගේ අවශ්‍යතා පමණි. එනිසා සෙසු සියල්ලන්ටම ලානාව මඟ හැරී යයි.

එහෙම සම්බන්ධ වන කෙනෙක් එකට එක කියාගෙන ආවොත් හරි, නොහික්මුණු විධියට ක්‍රියාකරන්න අවොත් හරි මට තියෙන්නේ පරිගණකය නවත්වලා දමන එක පමණයි. ඒ එක්කම මම වෙබ් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට කතා කරලා එයාගේ අයි.පී. ඇඩ්‍රස් එක තහනම් කරලා දානවා. එහෙම වුණාම ඒ කෙනාට ආයෙත් කවදාවත් වෙබ් අඩවියට ඇතුළු වෙන්න බැහැ. නම වෙනස් කරගෙන ඇතුළු වෙන්න හැදුවත් ඵලක් වෙන්නේ නැහැ.

 මුදල් ගෙවා ලානාව වෙන්කර ගන්න පුද්ගලයාට ලානාගේ ඇඟට අතකුදු නොතබා තමන් කැමැති ඕනෑම දෙයක් ලානා ලවා කරවා ගන්නට පුළුවන. මුදල් ගෙවා ලානාව වෙන් කර ගත් ඒ තැනැත්තාට, ඇය කරන දෙය දෙස බැලීමෙන් හෝ ඇය කියන දෙයට සවන් දීමෙන් හෝ තෘප්තිමත්භාවයට එළඹෙන්නට ඉඩ සැලසේ. තමන්ට තම ගනුදෙනුකරු ඉදිරියේ කරන්නට සිදුවන්නේ කවර දෙයක්ද යන්න ලානා පැහැදිලි කළේ මෙපරිද්දෙනි. “… හුඟක් වෙලාවට ඊට ඇතුළත් වෙන්නේ කතා කරන එක. නමුත් රෝල් ප්ලේ එකක් කරන්න වුණත් සිදු වන අවස්ථා තියෙනවා. නිරුවතින් හිඳිම එහෙමත් නැත්නම් ස්වයංවින්දනය වුවත් එයට ඇතුළත්. …” සමහර ගැනුම්කරුවන් කැම් ගර්ල් කැමැති නැති දෙයක් කිරීම සඳහා ඇයව පොළඹවා ගන්න වෙර දරණ අවස්ථාද ඇත. ගනුදෙනුකරු කියන දෙය කිරීම හෝ නොකිරීම හෝ තමන්ගේ තීරණයක් බව ලානා පවසන්නීය. ලානා මේ ජරමර රස්සාවට වැටුණේ 2008 වසරේදී ලෝක ආර්ථික අවපාතය ඇතිවීමත් සමඟයි.

ඒ අවස්ථාවේදී රුමේනියාවේ ආර්ථිකයත් නරක අතට වැටුණේය. එවක උපාධිධාරිණියකව සිටි ලානා උපාධියත් කරපින්නාගෙන යන එන මං නැතිව රස්තියාදු වූවාය. අමුතු රස්සාවේ තම පළමු අත්දැකීම් ගැන ලානා මාධ්‍යයට විස්තර කළේ මේ අන්දමටය. “… මම තනිවම කාමරයේ හිටියේ. නමුත් මට දැනුණා මිනිස්සු සිය ගණනක් මා වටා සිටින බව. ඒ අය මොනවාද කිව්වේ, ඒ අය මොනවාද මගෙන් ඇහුවේ කියලා මට මතක නැහැ. ඒ වුණත් මම සෑහෙන කම්පනයකින් හිටියේ. කවුද මගේ ගැනුම්කරුවා වෙන්නේ කියලා එවෙලෙහි මම කල්පනාවෙන් හිටියේ. ඒ නිසා මම අනෙක් අයත් එකක් කාලය නාස්ති කරන්න ගියේ නැහැ. …” මුදල් ගෙවා එන ගැනුම්කරුවා හැකි තරම් වෙලාවක් අන්තර්ජාලය හරහා සම්බන්ධකර තබාගැනීම ඉතා වැදගත් බැව් ස්ටුඩියෝ – 20හි මහජන සම්බන්ධතා නිළධාරිනී ඇන්ඩ්‍රා චිර්නොගුඒනු පවසන්නීය. “… ඔබට මිනිත්තු 10ක පමණ කාලයක් ලැබෙනවා. ඒ කාලය තුළ ඔබ කෙනෙකුව ආකර්ෂණය කරගත හැකි තත්ත්වයට පත්විය යුතුයි.

ඊළඟට ඔබ ඔබේ ගැනුම්කරු සමඟ කතා කිරීමට කිසිවක් සොයා ගතයුතුයි. එහෙම නොවුණහොත් ඔහු යන්න යාවි. …” යනුවෙන් පවසන්නේ ඇන්ඩ්‍රාය. කැම් ගර්ල් කෙනෙකු පුහුණු කර එවැනි තත්ත්වයකට පමුණුවා ගැනීම පහසු නැත. ඇන්ඩ්‍රා කියන ආකාරයට කැම් ගර්ස්ලා ඉංග්‍රීසි බස මෙන්ම මනෝවිද්‍යාව, භූගර්භ විද්‍යාව ආදී අනෙකුත් විෂයන්ගෙන්ද සන්නද්ධව සිටිය යුතුය. ගැනුම්කරුවන් විශාල පිරිසක් පැමිණෙන්නේ උතුරු අමෙරිකාව සහ යුරෝපය ආදී රටවලිනි. එනිසා ඔවුන් සමඟ කතා බහ කරන්නට සෑම කැම් ගර්ල් කෙනෙකුම සමත් විය යුතුව තිබේ. ස්ටුඩියෝ – 20හි සේවයේ නියුතු නිරූපිකාවන්ට අවශ්‍යය ඉංග්‍රීසි භාෂා දැනුම සහ මනෝවිද්‍යා දැනුම ලබාදෙන්නේ ද ඇන්ඩ්‍රාය. “… හුඟක් අය හිතන්නේ මේ තුළ සිදුවෙන්නේ ලිංගික වෙළඳාම පමණක් කියලා. නමුත් සමහර ගැනුම්කරුවන් අන්තර්ජාලය හරහා සාමාන්‍යයෙන් සිදුවන චැට් එකක් කරගෙන යන්න නිරූපිකාවකට ආරාධනා කරන අවස්ථාත් තියෙනවා. ඒ වගේ වෙලාවට දෙපාර්ශ්වයම සාර්ථක තත්ත්වයකට පත් වෙන්නේ හුඟක් විෂයයන් ගැන කතාකරන්න හැකි නම් තමයි. …” කියා ඇන්ඩ්‍රා පවසන්නීය. ස්ටුඩියෝ – 20 හැඳින්වෙන්නේ කැම් ගර්ල් සේවාව සපයන ලොව විශාලතම ආයතනයක් හැටියටයි. එහි ශාඛා 9ක් රුමේනියාව තුළ ඇත. එහි අනෙක් ශාඛා කොලොම්බියාවේ සහ අමෙරිකාවේ ස්ථාපනය කර තිබේ. වඩාත් විශේෂත්වය වන්නේ සමලිංගික පිරිමි අයවළුන් සඳහා වෙනම “කැම් බෝයිස්” සේවාවක් පවත්වාගෙන යන ශාඛාවකුත් ඔවුන් සතුව තිබීමයි.

ස්ටුඩියෝ – 20හි සේවය කරන ලානා වැනි දක්ෂ නිරූපිකාවක් යුරෝ 4000ක පමණ මුදලක් මසකට උපයන බව වාර්තා වේ. එය, සාමාන්‍ය රැකියාවක නිරත රුමේනියා තරුණියකගේ වැටුප මෙන් දස ගුණයකි. ලානා වැනි දක්ෂ එක නිරූපිකාවක හරහා යුරෝ 4000කට ආසන්න මුදලක් ස්ටුඩියෝ – 20 වැනි ආයතනයකට මසකට උත්පාදනය කරගන්නට පුළුවන. ලිව්ජස්මින් වෙබ් අඩවිය කැම් ගර්ල් නිරූපිකාවන්ගේ සේවය ඉතා බහුල වශයෙන් අලෙවි කරන වෙබ් අඩවියකි. නිරූපිකාවක සමඟ සම්බන්ධ වන ගැනුම්කරු තම ගෙවුම කළ යුත්තේ ක්‍රෙඩිට් කාඩ් පතෙනි. ලිව්ජස්මින් වැනි ඔන්ලයින් කැම් අඩවිද සිය වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ගැනුම්කරුගෙන් මුදලක් අය කරයි. කොපමණ මුදලක් අය කළද ලිව්ජස්මින් වෙබ් අඩවියට දිනකට සම්බන්ධ වන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 35ත් 40ත් අතර බව කිවහොත් සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත. දවසේ ඕනෑම මොහොතක නිරූපිකාවෝ 2000ක් ලිව්ජස්මින් වෙබ් අඩවිය සමඟ සම්බන්ධව සිටිති. වෙබ් කැම් හරහා කාමෝද්දීපනය අලෙවි කිරීම දැන් කර්මාන්තයක් බවට පත්ව තිබේ.

පසුගිය වසරේදී (2016 දී) මේ කර්මාන්තය හරහා උත්පාදනය කෙරුණු ආදායම අමෙරිකා ඩොලර් බිලියන 2ත් 3ත් අතර බැව් වාර්තා වේ. කොහොම වුණත් මේ මහා ව්‍යාපාරය ස්ටුඩියෝ – 20 වැනි ආයතන වෙත පමණක් සීමා වී නැත. විශ්වවිද්‍යාල උපාධි දෙකක් ලබාගත් සැන්ඩි බෙල් යනු නිවෙසේ සිට සිය වෙබ් කැම් ව්‍යාපාරය රැගෙන යන කාන්තාවකි. ඈ ඒ සඳහා තවත් තරුණ කාන්තාවන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන සිටින්නීය. තමන් කරන රැකියාවට අමතරව සැන්ඩි මසකට යුරෝ 100ක පමණ අමතර ආදායමක් මේ හරහා ලබන බව දැක්වේ. “… ඔබ සමඟ සම්බන්ධවන අය හුඟක් හොඳයි. ඔවුන් හුඟක් වෙලාවට හොයන්නේ ආදරය. එහෙමත් නැත්නම් සම්බන්ධතාවයක්. ඔබ සමඟ සම්බන්ධ වන එවැනි සමහර සාමාජිකයන් කැමැති ඔබ ඔවුන්ගේ සත්‍ය නමින්ම ඔවුන්ට අමතනවා දකින්නයි. සමහරුන්ට වුවමණා ඔබ නටමින් කතාකරනවා දකින්න. තවත් අය කැමැති ඔබ නිරුවතින් සිට කතා කරනවාට. මම ඒ කා සමඟත් අවංකව කටයුතු කරනවා. ඔවුන් දන්නවා මට පෙම්වතෙකු සිටින බව. ඒ වගේම මම කිසිදාක ඔවුන් සමඟ සත්‍යය ලෙස ලිංගිකව එක් නොවන බවත් ඔවුන් දන්නවා. ….. අන්තර්ජාලය හරහා ඒ විධියට සම්බන්ධ වන කෙනෙක් මට මොනවා කරන්නද?.

එහෙම සම්බන්ධ වන කෙනෙක් එකට එක කියාගෙන ආවොත් හරි, නොහික්මුණු විධියට ක්‍රියාකරන්න අවොත් හරි මට තියෙන්නේ පරිගණකය නවත්වලා දමන එක පමණයි. ඒ එක්කම මම වෙබ් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට කතා කරලා එයාගේ අයි.පී. ඇඩ්‍රස් එක තහනම් කරලා දානවා. එහෙම වුණාම ඒ කෙනාට ආයෙත් කවදාවත් වෙබ් අඩවියට ඇතුළු වෙන්න බැහැ. නම වෙනස් කරගෙන ඇතුළු වෙන්න හැදුවත් ඵලක් වෙන්නේ නැහැ. ගනුදෙනුකරුවකු හැමවිටම ඉන්නේ මම ඉන්න තැන ඉඳලා සැතපුම් දහස් ගණනක් ඈත. ඉතින් ඒ කිසිකෙනෙකුට මාව ස්පර්ශ කරන්නවත් බැහැ. ….“ මේ ක්ෂේත්‍රෙය් නියැළෙන සැන්ඩි බෙල් වැනි බොහෝ නිරූපිකාවන් පොදුවේ කියන එක් කතාවක් තිබේ. එය මෙසේ ය. ‘‘මේක ගණිකා වෘත්තිය නොවෙයි!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි