×

කොංගෝවේදී පමණක් දැකිය හැකි අපට අහිමි වන්නට යන ඔකාපි

අද වන විට ඔකාපි සතුන් මුළු ලෝකයටම සිටින්නේ 10,000ක් පමණි.


ඔකාපි නැත්නම් අර්ධ සීබ්‍රා හෝ අර්ධ ජිරාෆ් නමින් හදුන්වන මේ සත්ත්වයා හැබැහින් දැක ගැනීමට මිනිසාට හැකි වන්නේ තවත් සුළු කාලයකටය.

ඔකාපී සතෙකුගේ ප්‍රමාණය අපට අද දැක ගත හැකි ජිරාෆ් කෙනේකුගේ ප්‍රමාණයට සමානය , නමුත් ගෙල එතරම් දිග නැත.ඔකාපිට තම පිටු පස ප්‍රදේශය දක්වාම සිය දිව දික් කළ හැකි අතර ඔහුගේ දිව අගල් 18ක් තරම් දිගින් යුක්ත වේ. ඉතා සිනිදු වෙල්වටයක් මේන් ඔකාපි ලොව අනෙක් සියලු සතුන්ගෙන් වෙනස් වන්නේ අනෙක් සෑම සතෙකුම ඉපදී පැය 12ක් ඇතුළත මළ පහ කරන මුත් ඔකාපි දින 60ක් යන තුරු එසේ නොකිරීමයි. එසේ වන්නේ කොටියන් වැනි සතුන්ට තමන් ඉව කර සොයා ගැනීමට නොහැකි වීම සදහාය.

ඉතාමත් විරළ ගණයේ සක්වයෙක් වන මොහු මේ වන විට ලෝකයේ දැක ගත හැකි එකම ස්ථානය කොංගෝවේ වනානන්තර පමණි.

ග්‍රීක පුරාණොක්තීන්ට අනුව ඔකාපි බිහි වන්නේ සීබ්‍රාගේ හා ජිරාෆ් යන සතුන් දෙදෙනාගේ දෙමුහුමක් ලෙසිනි. 20 වන සිය වස දක්වාම ඔහු බටහිර ලෝකයට මුවාවී සිටි සත්වයෙක් විය .

ඔස්ට්‍රේලියාවේ කැන්ගරූ මෙන් ජපානයේ පැන්ඩා මෙන් කොංගෝවට අනන්‍ය නූ මේ ඔකාපි එරට වෙළද ලාංඡනයක් බවට පත්වී ඇත. එරට මුදල් නෝට්ටු වලද ඔකාපි පවුලක් මුද්‍රණය කර ඇත.
කෙසේ වෙතත් අද වන විට ඔකාපිට උරුම වී ඇති තත්ත්වය නම් ඉතා ශෝක ජනකය. ඔහුව මිනිස් අපට තව ටික දිනකින් සැබවින් දැක ගැනීමටන්ම නොහැකි වන්නේය. 1965 වසරේ සිට මේ වන විට ඔකාපි ගහණය 50%කින් හීන වෙමින් තිබෙන බවට වාර්ථා වේ.

අද වන විට ඔකාපි සතුන් මුළු ලෝකයටම සිටින්නේ 10,000න් පමණි. ක්ෂීර පායීයෙකු වන ඔකාපි බේරා ගැනීම වෙනුවෙන් ඔවුන්ට වෙන් වූ රක්ෂිතයක් නම් කලද එය මිහිපිට මිනිසෙකුට ළගා වීමට අපහසුම ස්ථානය බවට මේ වන විට පත් වී තිබේ. ඒ කොංගෝ වේ කැරලි කණ්ඩායම් මෙන්ම නීති විරෝධී දියමන්ති සහ රත්‍රං පතල් පසු කරමින් මෙම රක්ෂිතයට යෑමට සිදුව තිබීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි