×

කැනඩාවේ තහනමට ලක් වුණු WeChat !

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රජයේ උපාංග මත WeChat තහනම් කරන බව කැනඩාව නිවේදනය කර ඇත. චීනයට අයත් යෙදුමක් වන මෙම WeChat තුළින් WhatsApp, Facebook, Amazon සහ Tinder වැනි සියල්ල නියෝජනය වන නිසා මෙම තීරණය ගන්නට ඇතැයි පැවසේ. ආරක්ෂක ගැටළු මෙන්ම ප්‍රධාන වශයෙන් යෙදුම භාවිතා කරන්නන් මත ඔත්තු බැලීමේ හැකියාව ද පවතින බව […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
රජයේ උපාංග මත WeChat තහනම් කරන බව කැනඩාව නිවේදනය කර ඇත.

චීනයට අයත් යෙදුමක් වන මෙම WeChat තුළින් WhatsApp, Facebook, Amazon සහ Tinder වැනි සියල්ල නියෝජනය වන නිසා මෙම තීරණය ගන්නට ඇතැයි පැවසේ.

ආරක්ෂක ගැටළු මෙන්ම ප්‍රධාන වශයෙන් යෙදුම භාවිතා කරන්නන් මත ඔත්තු බැලීමේ හැකියාව ද පවතින බව බටහිර ආන්ඩු ඒ පිළිබඳ ප්‍රකාශ කරයි.

අදහස් දැක්වීම සඳහා බීබීසී WeChat හිමි Tencent සමාගම වෙත සම්බන්ධ වී ඇති නමුත් තවමත් ඊට ප්‍රතිචාරයක් ලැබී ද නොමැත.

WeChat යනු ලෝකයේ වැඩිපුරම භාවිතා කරන යෙදුම් වලින් එකක් වන අතර එය චීනයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලාවක් ද වේ.

කැනඩාවේ වහාම ක්‍රියාත්මක වන පරිදි WeChat මෙසේ තහනමට ලක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි