×

ඉක්වදෝර ජනාධිපති අපේක්ෂක විලිවිසෙන්සියෝ වෙඩිතබා ඝාතනය කරයි

කිසිම සාමාජිකයෙකුගේ මරණයට දේශපාලනය හේතු නොවිය යුතු ය.


ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ ක්විටෝ අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට පසුව එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝ අගෝස්තු 20 ට නියමිත මැතිවරණයට ඉදිරිපත් වීමට ලියාපදිංචි වූ ජනාධිපති අපේක්ෂකයන් අට දෙනාගෙන් කෙනෙකු වන අතර වෘත්තීයෙන් හිටපු නීති සම්පාදකයෙක්, රාජ්‍ය තෙල් සමාගමක් වන Petroecuador හි වෘත්තීය සමිති සාමාජිකයෙක් සහ පසුව මිලියන ගණනක තෙල් කොන්ත්‍රාත්තු පාඩුව හෙලා දුටු මාධ්‍යවේදියෙකු විය. එමෙන්ම ඔහු හිටපු ජනාධිපති Rafael Correa ගේ දැඩි විවේචකයෙකු ද විය.

ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රචාරක උපදේශක Patricio Zuquilanda මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ෆර්නැන්ඩෝ විලවිසෙන්සියෝහට මරණ තර්ජන එල්ල වී තිබූ බවත්, එය බලධාරීන්ට වාර්තා කළ බවත්ය.

එමෙන්ම සමාජයේ කිසිම සාමාජිකයෙකුගේ මරණයට දේශපාලනය හේතු නොවිය යුතු බව ප්‍රකාශ කරමින් ඔහු ජාත්‍යන්තර බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි