×

Capitol Hill කෝලාහලය: ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කුමන්ත්‍රණ චෝදනා!

2021 ජනවාරි මස 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දහස් ගණනක් වූ තම ආධාරකරුවන් අමතා ප්‍රකාශකර සිටියේ මැතිවරණය ප්‍රෝඩාවක් බවයි.


ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට කඩා වැදුණු ට්‍රම්ප්භක්තික මැර පිරිසක් විසින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට විය. මෙම ප්‍රචණ්ඩකාරී කෝලහාලය නිසා මිය ගිය ගණන 05 කි. එමෙන්ම පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් ද තුවාල ලබන්නට විය.

කැපිටල් හිල් හෙවත් අමෙරිකානු සෙනෙට් සභාව පිහිටි ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන් උසිගැන්වීමේ චෝදනා මත එක්සත් ජනපද අධිකරණය විසින් ට්‍රම්ප්ට එරෙහිව කුමන්ත්‍රණය සංවිධානය කළ බවට චෝදනා එල්ල කරන්නට විය.

මෙහිදී අධිකරණය ප්‍රකාශ කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයට බාධා කළ බවත් , ඔහුගේ මැතිවරණ පරාජය ආපසු හැරවීමට ඔහුගේ උප ජනාධිපති මයික් පෙන්ස්ට බලපෑම් කළ බවත්ය. එසේ කිරීම අපරාධයක් බවත් ඔහුගේ මැතිවරණ වංචා පිළිබඳ චෝදනාවන් පදනම් විරහිත බවත් අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම නඩුවේදී සාක්ෂි විභාග කළ පිරිස අතර ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජරෙඩ් කුෂ්නර්, උප ජනාධිපති මයික් පෙන්ස් සහ ඔහුගේ මාණ්ඩලික ප්‍රධානී නීතිපති විලියම් බාර් සහ ජෙනරාල් මාර්ක් මිලී ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රධාන පුද්ගලයින්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශන දක්නට ලැබිණ.

කැපිටල් හි මැර පිරිස විසින් එවකට උප ජනාධිපති මයික් පෙන්ස් එල්ලා මරා දමන ලෙස කෑ ගැසීම ට්‍රම්ප්ට ඇසුන විට ඔහු ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් නිවැරදි විය හැකි බවත්, ඔහු “එය ලැබිය යුතු” බවත් බව කමිටුව විසින් ඉදිරපත් කළ කරුණු අතර වඩාත් කතාබහට ලක් වූවකි.

රිපබ්ලිකන් කොන්ග්‍රස් මන්ත්‍රී ලීස් චෙන් පැවසූයේ ට්‍රම්ප් මහතා ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් කැඳවා ඇති බවත් , එමෙන් ම ජනාධිපතිවරයෙකු අප සංගමය ආරක්ෂා කිරීමට පියවර ගැනීමට අපොහොසත් නම් හෝ ඊටත් වඩා නරක ලෙස ව්‍යවස්ථා අර්බුදයක් ඇති කරයි නම් , අපත් අපේ ජන රජයත් උපරීම අනතුරක සිටින බවත්ය.

එක්සත් ජනපදයේ Capitol policeහි පොලිස් නිලධාරිනියක් වන Caroline Edwards ප්‍රකාශ කළේ ඇය මෙම මැර කල්ලියක් සමඟ සටන් කරන විට මොළයේ ආබාධයකට ලක් වූ බවයි. ඔවුන් කෙතරම් අපහාස කළද ඔවුන් සමඟ සටන් කිරීම පිළිබඳ ඇය ආඩම්බර වන බවත් පැවසීය. ” මම මිනිසුන්ගේ ලේ වල ලිස්සා ගියා. මම දැක්කේ යුද්ධ දර්ශනයක් විතරයි”. එම බිහිසුණු තත්වය ඇය තව දුරටත් විග්‍රහ කරනු ලැබීය.

සැබැවින්ම ප්‍රචණ්ඩත්වය අවතක්සේරු කළ නොහැක.

ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණය විසින් “සාක්ෂි මත පදනම්ව, කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිවාරය කඩාකප්පල් කිරීමට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් උත්සාහ කළ බවට උසාවියට පෙනී ගිය බව ” ප්‍රකාශ කරණු ලැබීය.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි