×

සිරියාවේ කාර් බෝම්බයක් පිපිරීමෙන් 7 දෙනෙකු මරුට

2011 වසරේ සිට සිවිල් යුද්ධයක පවතින සිරියාව තවමත් බෙදුණු රටක් ලෙස පවතී.


සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ උතුරු ඇලෙප්පෝ පළාතේ කාර් බෝම්බයක් පිපිරීමෙන් දරුවන් දෙදෙනෙකුද ඇතුළුව 07 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

රාමසාන් උපවාසයෙන් අනතුරුව සාප්පු සවාරි යමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දෙනු ලැබූ අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොමැත.

2011 වසරේ සිට සිවිල් යුද්ධයක පවතින සිරියාව තවමත් බෙදුණු රටක් ලෙස පවතී.

සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් ඔහුගේ මිත්‍ර රටවල් වන රුසියාව, ඉරානය සහ ලෙබනන් හිස්බුල්ලා කණ්ඩායමේ සහාය ඇතිව රටෙන් තුනෙන් දෙකක බලය නැවත ලබා ගත් නමුදු වයඹ දිග ප්‍රදේශ තවමත් විපක්ෂ බලවේගවල පාලනය යටතේ පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි