×

ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 35කට පසු නැවතත් ශ්‍රී ලංකාවට

ලෝක විවාහක රූ රැජින Mrs.World 2020 අද (7) උදෑසන නැවත වරක් ලංකාවට හිමි විය.


ලෝක විවාහක රූ රැජින  කිරුළ (Mrs.World 2020) අද (7) උදෑසන නැවත වරක් ලංකාවට හිමි විය.

එහිදී ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳුවේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස මෙම තරගයට ඉදිරිපත් වූ කැරොලයින් ජූරි ය.

අද උදෑසන ඇමරිකාවේ ලස් වේගස් හි Westgate Las Vegas Resort and Casino හිදී මෙම අවසාන මහා තරගය පැවැත්විණි.

එහිදී දෙවැනි තැන අයර්ලන්තයේ විවාහක රූ රැජින වෙතද තුන්වැනි තැන ඇමරිකාවේ වර්ජින් අයිලන්ඩ්ස් හි විවාහක රූ රැජින වෙත ද හිමි විය.

ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි තරගයට සහභාගි වීම සඳහා පිටත්ව යමින්

2019 විවාහක රූ රැජින ලෙස ලංකාවේදී කිරුළු පැළඳි අවස්ථාව : Photograph: FaceBook

ලෝක විවාහක රූ රැජින තරගය 1984 වසරේදී ආරම්භ වූවකි.

මෙම පළමු ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගත්තේ ද ශ්‍රී ලංකාවේ රෝසි සේනානායක මහත්මිය විසින් වීම විශේෂත්වයකි.

Rosy Senanayake – Mrs World -1984

ඉන්දියාව විසින් මෙම කිරුළ දිනාගෙන ඇත්තේ එක් වතාවක් පමණි. ඒ, 2001 වසරේදී ය.

මේ අනුව, ලෝක විවාහක රූ රැජින තරගය ආරම්භ වූ වසරේ සහ, එයට වසර 35කට පසු මේ වසරේ ශ්‍රී ලංකාවට එම කිරුළ නැවත වරක් හිමි වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි