පුදුමය වන්නේ ඒ සන්ධිස්ථානයේදී පවා බළලා තවදුරටත්, තමන්ටම ආවේණික බිළාල ලෝකයක ජීවත් වන අපූරුවයි.
කැලෑ රොදේ සිට විසි එක්වන සියවසේ ජනයා පිරුණු නගර දක්වා බිළාලයන් හෙවත් බළලුන් විසින් සිය ජීවන මග වෙනස් කර ගෙන තිබේ. එහිදී සිය වසම වෙනත් බළලූන් සමග සුහදව බෙදා ගැනීමටත්, අඩුවෙන් දඩයම්කර වැඩියෙන් නිදාගැනීමටත් උන් හුරු වී තිබේ.
බළලුන් ලෝකය දකින්නේ අප මෙන් වර්ණවත් ව නොවේ. කළු සුදු පැහැයෙනි. එය, බාධාකිරීම්වලින් තොරව ඉලක්ක හඳුනාගැනීමට සහ චලනයන් අවබෝධ කර ගැනීමට පහසුවකි. තවද මුහුණේ ප්‍රමාණයට සාපේක්ෂව උන්ට තිබෙනුයේ ලොකු ඇස් ය. ඒවා මගින් පහළ මට්ටමේ ආලෝක ධාරාවන් වුවද ග්‍රහණය කර ගැනීමට ඉඩ සැලසෙයි. නමුත් තමන්ට අඩියකට ඔබ්බෙන් තිබෙන දෙය කෙරෙහි කේන්ද්‍රගත වීමේ අපහසුවක් උන්ට තිබේ. එනිසා උන් කරනුයේ සිරුරට සමීපයෙන් තිබෙන වස්තු උන් හඳුනාගන්නේ සිය මුහුණේ තිබෙන බළල් රැවුල් ගස්වල ආධාරයෙනි.
බළලුන් සත්ව ලෝකයේ ජිම්නාස්ටික් ශූරයන් ය. උන්ට සිරස් බිත්ති මත ඉතා පහසුවෙන් ඇවිද යා හැකිය. ඕනෑම උසකින් යුත් වැටක් උන්ට පහසුවෙන් සලකා බැලිය හැකිය. මෙවැනි විටකදී හදිසියේ හෝ ඇද වැටුණොත් සිව්පයින් දෙපයක් හෝ බිම ස්පර්ශ කරවාගැනීම ද උන්ට මහ දෙයක් නොවේ. මේ ක්‍රීඩාශීලී හැකියාව උන්ට ලැබී තිබෙන්නේ අති සුවිශේෂී වූ සැකිලි ව්‍යූහය නිසා ය. උන්ගේ වකුටු අස්ථි සැකිල්ල, සෙමෙන් හා රහසිගතව පැනීමට මෙන්ම උසකින් වැටෙන විට ඇතිවන කම්පන රටා අවශෝෂණය කර ගැනීමටද සමත්කම් දක්වයි. එයට අමතරව උන්ගේ දුන්නක් වැනි පසුපස පාදවලට ඉදිරියටත් පසුපසටත් වේගයෙන් පනින අතර දේහය තල්ලු කර ගැනීමටද හැකි කරවයි.
බළලාගේ තියුණු සවන්දීමේ හැකියාවේ රහස, එකිනෙකට ස්වාධීනව අංශක 180 ක් දක්වා කැරකැවිය හැකි විසල් කන් යුගළයි. ග්‍රහණය කර ගන්නා තොරතුරු වේගයෙන් අවබෝධ කර ගැනීීමට ඉවහල් වන පරිදි උන්ගේ කන සහ මොළය අතර නියුරෝන ද විශාල සංඛ්‍යාවක් පිහිටා තිබේ. මේ අතර බළලාගේ ඇතුළු කන, බොහෝ ක්ෂීරපායීන්ට වඩා විශාල පරාසයක ශබ්ද තරංග ග්‍රහණය කර ගත හැකි වන සේ පිහිටා ඇත. මේ නිසා මිනිසාට ස්වර ග්‍රාම 9 ක් හඳුනාගත හැකි විට බළලාට ස්වර ග්‍රාම 11 ක් හඳුනාගැනීමට හැකියාව තිබේ. එනම් උන්ට සංවේදී වන ස්වර සංඛ්‍යාත පරාසය හර්ට්ස් 55 සිට 77,000 දක්වා වේ. අති ධ්වනි තරංග හෙවත් අල්ට්‍රා සවුන්ඞ් වේව්ස් ද එයට අයත් වන්නේ, ඉතා කුඩා කෘමීන් නිකුත් කරන උච්ච කෑගැසීම් පවා උන්ට මග නොහරිමිනි. සාමාන්යයෙන් බල්ලෙකුගේ කන් පවා මෙතරම් සංවේදී නොවන්නේ උන්ගේ සංඛ්‍යාත පරාසය හර්ට්ස් 64-44,000 වෙත සීමා වන නිසා ය.
බළලාගේ ඉව කිරීමේ හැකියාව ද ඉහත කී කිසිදු විශේෂ හැකියාවකට දෙවැනි නොවේ. උන්ගේ ආඝ්‍රාණ හැකියාව මිනිසාගේ එම හැකියාව මෙන් සිය ගුණයකින් ඉහළ ය. කටවහරට අනුව, බළලුන්ට ලෝකයේම ගඳ දැනේ. ඒ අතරින් දහස් ගණනක් ගඳ සුවඳ වර්ග එකිනෙක වෙන් කර ගැනීමේ හැකියාව ද උන් ට තිබේ.
බිළාල නාසය සැදී තිබෙන්නේ එකිනෙකට ආවර්තීය ලෙස සම්බන්ධ වී තිබෙන අස්ථි, මිලියන ගණනක් වූ ප්‍රතිග්‍රාහකවලින් ආවරණය වීමෙනි. ඒවා මගින් විගසින් ගඳ සුවඳ පිළිබඳ තොරතුරු මොළය වෙත යවයි. එයට අමතරව බළලුන්ට ද්විතියික ආඝ්‍රාණ ඉන්ද්‍රියයක් ද තිබේ. ‘ජේකබ්සන් ඉන්ද්‍රිය නමැති එය ඔවුන්ගේ මුඛයේ පත්ලේ සැගවී තිබී, උන් ආඝ්‍රාණය කරන වාතය වෙත සංවේදී වෙයි. එය දෙවැනි නාසයක් ලෙස ක්‍රියා කරමින් භෞතික නාසයට නොදැනෙන ගඳ සුවඳ පවා හඳුනා ගනියි.
අඳුර වැටීමෙන් පසු සියලූ බළලුන් ව්‍යාඝ්‍රයන් බවට පත්වන්නේ යැයි ස්වදේශික ඇමරිකානුවන් අතර කියමනක් තිබේ. මේ අතර ඉතියෝපියානු ආප්තෝපදේශයක් පවසන්නේ, තපසට ගියත් බළලා බළලාම බව ය. ඒ කියමන් දෙකම සත්‍යයකි. කාලය හා දේශය කුමක් වුවත් සිය පරිණාමීය නිසග ගති එලෙසින්ම රැක ගැනීම සඳහා බළලා සතුව තිබෙන්නේ අද්වීතීය හැකියාවකි.