×

Celeron හා Pentium හැරදා ‘Intel Processor’ වෙත මාරුවෙන Intel සමාගම

මේ අනුව අඩු මුදලට සාමානය එදිනෙදා කාර්යන් සදහා Laptop එකක් සෙවීමේදී Celeron / Pentium අතර සෙවීම වෙනුවට – Intel Processor ලෙස නම් කර ඇති උපාංගයක් නම් එය Low End Device එකක් ලෙස හදුනාගැනීම පහසු වනු ඇත.


1990 තරම් අතීතයට දිවයන Intel සමාගමේ Processor Series 2ක් සම්පූර්ණයෙන්ම තනි නමක් යටතට ගැනීමට Intel සමාගම කටයුතු කර ඇත.

ඒ අනුව Laptop සදහා නිෂ්පාදනය කරන Intel Celeron සහ Pentium brands දෙක මෙලෙස ඉවත් වන අතර ඒ වෙනුවට ඉදිරියේදී මෙම ‘Low End Chip Variant’ එක Intel Processor ලෙස හැදින්වීමට නියමිතයි. මෙයට සදහා intel Core Series, Evo Series සහ VPro Series මෙන්ම නව Intel Processor series එක අඩංගු වේ.

Laptop Chips සදහා පමණක් මේ නම් මාරුව සිදුවන බව ප්‍රකාශ උනත් – Desktop සදහා මෙය කෙසේ සිදුවේ දැයි තවම Intel සමාගම පැහැදිලි කර නැත. 2023 නිකුත් වන Product සදහා මෙම නාමයන් වෙනස් වීම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ අනුව අඩු මුදලට සාමානය එදිනෙදා කාර්යන් සදහා Laptop එකක් සෙවීමේදී Celeron / Pentium අතර සෙවීම වෙනුවට – Intel Processor ලෙස නම් කර ඇති උපාංගයක් නම් එය Low End Device එකක් ලෙස හදුනාගැනීම පහසු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි