×

Chang’e-4 – චීන සඳ ගමන සාර්ථකයි.

පෘථිවියට දුරින් සහ විරුද්ධව පිහිටි චන්ද්‍රයාගේ අනෙක් මුහුණතට පෘථවියෙන් යැවූ අභ්‍යවකාශ යානයක් පතිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.


චීනය විසින් සඳ මතට යැවූ රෝබෝ තාක්ෂණය සහිත අභ්‍යවකාශ යානය Chang’e-4 ඉතා සාර්ථක ලෙස සඳ මත පතිත වී ඇති බව චීන මාධ්‍ය විසින් අනාවරණය කර ඇත.
බීජිං වේලාවෙන් උදෑසන 10.26ට චන්ද්‍රයාගේ දක්ෂීණ ධ්‍රැවය මත මෙම යානය පතිත වී ඇත. සඳෙහි භූලක්ෂණ පරීක්ෂාවට මෙන්ම එහි ජීවය පරීක්ෂා කිරිමටද අවශ්‍ය තාක්ෂණය රැගෙන එහි ගිය මෙම අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ ගවේශනයේ සන්ධිස්ථානයක් බව චීනය පවසයි.


මෙතෙක් සඳ මතට යැවුණ යානා සියල්ල සඳ මත පතිත වූයේ පෘථිවියට මුහුණ ලා වුවත් මෙවර පෘථිවියට දුරින් ඊට විරුද්ධ පසෙහි මෙම යානය පතිත වීම මෙයට හේතුව බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේ පෘථිවියට දුරින් සහ විරුද්ධව පිහිටි චන්ද්‍රයාගේ අනෙක් මුහුණතට පෘථවියෙන් යැවූ අභ්‍යවකාශ යානයක් පතිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.

මෙතෙක් සියලු පර්යේෂණ සඳහා නිරීක්ෂණයන් සිදු කරන ලද්දේ පෘථිවියට මුහුණලා ඇති ප්‍රදේශ වල පමණි.

මේ වන විටත් එම යානය විසින් ඡායාරූප කිහිපයක් පෘථිවියට එවා ඇති අතර සියලු දත්ත සහ සාක්ෂි මුලින් වෙනත් චන්ද්‍රිකාවක් වෙත එවා නැවත පෘථිවිය වෙත එවනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි