×

ෂර්, උමාරියා, කිෂානි සහ බාචි සුසාන්

ෂර් මෙන්ම උමාරියා ද contralto හෙවත් ස්ත්‍රී ස්වරයෙහි පහත්ම කටහඬ මෙන්ම ඉහළම ස්වරයෙන් පිච් කිරීමේ කුසලතාවය සහිත ය. ෂර්ගේ කටහඬ බටහිර ලෝකයේ බොහෝ විට විස්තර වන්නේ distinctive contralto singing voice යනුවෙනි.


1979 වසරේ පටන් ලෝකය ආහ්ලාදයට පත්කරන ‘මමා මියා‘ චිත්‍රපටයේ 2008 වසරේ නිර්මාණය වූ Mamma Mia! නැරඹූ කෙනෙක් සිටියි නම්, මේ දිනවල තිරගත වන Mamma Mia! Here We Go Again චිත්‍රපටය ද හුස්ම අල්ලාගෙන නරඹනු නිසැක ය. එය වනාහී වියපත් වීමේ ආනන්දයයි.

Mamma Mia! Here We Go Again මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අතරින් දෙවැනි වී තිබෙන්නේ ඩෙන්සිල් වොෂින්ටන් රංගනයෙන් දායක වන Equalizer 2 චිත්‍රපටයට පමණි.

1979 වසරේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසු යුරෝපය පුරා සංචාරයක නිරත වන ඩෝනා, ටන්යා සහ රොසී මිතුරියන්ගේ අන්දරය 2018 දී නැවත දිග හැරෙන්නේ ග්‍රීසියේ කලොකයිරි දූපතේදී ය. මේ වන විට සුපිරි නිළිය මෙරිල් ස්ට්‍රීප් විසින් පණ පෙවූ ඩෝනා මිය ගොසිනි. ඇගේ දියණිය සොෆී (අමන්ඩා සෙයිෆ්‍රීඩ්) ගැබ්ගෙන ය. ඇය සිය මවගේ මතකය ජීවමාන කරමින් ඒ පැරණි මිතුරු මිතුරියන්ට සහ පෙම්වතුන්ට සුන්දර දූපත වෙත ආරාධනා කරන්නීය.

CHER

Cher with Andy Garcia

චිත්‍රපටයේ අවසාන භාගයේදී ඇමරිකාවේ අංක එකේ ‘පොප් දෙව්දුව‘ (Goddess of Pop) ෂර් (Cher) මේ සළරුවේ කූටප්‍රාප්තිය සලකුණු කරන අන්දම අයස්කාන්ත ය. ඇගේ ෆර්නෑන්ඩෝ (ඇන්ඩි ගාෂියා) සමග ඇය ගයනා ඒ ගීතය (Fernando) මුල් ඇබා ගීතයට වඩාබෙහෙවින් ඉහළ තලයක පැවතීම සම කළ හැක්කේ කුමකටද? එය හරියට පෙර කලාකරුවන් විසින් ස්වර සප්තකයන්ගේ පැතලි රස තලයන් ඇසුරු කරමින් ගැයූ මුල් ගීත, එයට දශක කිහිපයකට පසු, වඩා තියුණු සහ පුළුල් සප්තක පරාස හිමි ගායක ගායිකාවන් විසින් පණ පිහිටුවා ගැයීමක් බඳු ය. එ් නවමු රසය විසින් පෙර ගීතයේ නිමැවුම්කරුවන්ට අසාධාරණයක් සිදු නොවන නමුත් නැවුම් නිරුක්තියක් විසින් රසික සිත අතීතයෙන් ගළවා වර්තමානය වෙත අළවා තබයි.

එදා ගීතය : Abba – Fernando

[embedyt] https://www.youtube.com/watch?v=dQsjAbZDx-4[/embedyt]

අද ගීතය : Cher – Fernando Mamma Mia! Here We Go Again
[embedyt] https://www.youtube.com/watch?v=jkTbvXna5zM[/embedyt]

එය හරියට මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ ‘ගිමන් හරින දියඹ දිගේ – සුසුම් හෙළන වෙරළ ඉමේ- බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා‘ගීතය, හදිසියේම ස්වාධීන රූපවාහිනියට ආ බාචි සුසාන් විසින් ගැයූ විට සිදුවූ දේ මෙනි.

[embedyt] https://www.youtube.com/watch?v=7-uXbCc51RM[/embedyt]

එසේත් නැතිනම් රුක්මනී දේවියගේ ‘ආදරය නිසා – හර්දේ බැඳෙනා අපරාදෙ ජීවිත හානී වේ‘ ගීතය, එයට පරම්පරා තුනකට පසුව එන උමාරියා විසින් තුන් සප්තකය කළඹවමින් ගැයූ කලෙක මෙනි.

[embedyt] https://www.youtube.com/watch?v=0g_XKqUPNcw[/embedyt]

ෂර් මෙන්ම උමාරියා ද contralto හෙවත් ස්ත්‍රී ස්වරයෙහි පහත්ම කටහඬ මෙන්ම ඉහළම ස්වරයෙන් පිච් කිරීමේ කුසලතාවය සහිත ය. ෂර්ගේ කටහඬ බටහිර ලෝකයේ බොහෝ විට විස්තර වන්නේ distinctive contralto singing voice යනුවෙනි. වරක් ලේඛක නිකලස් ඊ. තාවා විසින් ෂර්ගේ කටහඬ හඳුන්වා දුන්නේ “bold, deep, and with a spacious vibrato” යනුවෙනි. ජනප්‍රිය බටහිර සංගීතයේ අද යොදාගැනෙන “Cher effect” තාක්ෂණය, පිරිමින් පමණක් කැපී පෙනුණු 60 දශකයේ සංගීත ක්ෂේත්‍රය තුළ ඇය විසින් සිදුකළ සොයාගැනීමකි. අද පවා ෂර් විසින් මමා මියා හි ගීතය ගයන විට ඇගේ වයස අවුරුදු 72 ක් බව ඇගේ කටහඬින් නම් කිසිසේත්ම කියන්නට නොහැකි ය.

මෙයට සාපේක්ෂව අපේ උමාරියාගේ කටහඬ හැසිරවීමෙන් අපේ සංගීත ක්ෂේත්‍රය ගත් වැඩය කුමක්ද? ඇගේ කටහඬ සම්බන්ධයෙන් මැවෙන ශීර්ඨපාඨ ගණනට වඩා, ඇගේ ඇඳුම ගැන මැවෙන ශීර්ෂපාඨ ගණන මේ දූපත තුළ වැඩි ය.

පහත දැක්වෙන්නේ මෙයට සය වසරකට පෙර ක්‍රිමියාවේ පැවති සංගීත තරගාවලියකට උමාරියා සහ උමාරා යන අක්ක යන නගෝ දෙදෙනා විසින් කළ ඉදිරිපත් කිරීම් දෙකකි.

[embedyt] https://www.youtube.com/watch?v=wnQVcnP5uyA[/embedyt]

[embedyt] https://www.youtube.com/watch?v=og3HiQJLH2M[/embedyt]

සැබවින්ම මේ රටට මෙසේ වීම ගැන පුදුම වන්නට දෙයක් නැත. රටක හැටි තීරණය වන්නේ ඒ රටේ බහුතරයගේ හැටියට ය.

දන්නෝ බුදුන්ගේ (Danno Budunnge) by Kishani Jayasinghe. Recorded live at Galle Face, Colombo
[embedyt] https://www.youtube.com/watch?v=plaKsOtC3b8[/embedyt]

එදා දෙරණ නිවේදකයා සංඛ අමරජිත්, ලෝකයේ හොඳම සුප්‍රානෝ ගායිකාවක වන කිෂානි ජයසිංහගේ ගායනය ගැන සමච්චල් උජාරුවකින් කිව්වේ කුමක්ද? ‘‘හැමදාම ඤාව් ඤාව් කියන බැළලියො හිටපු ගමන් ඔය වගේ සද්ද කරනව රෑට.. එතකොට අපි මොකද කරන්නෙ, ගඩොල් බාගයක් අරගෙන සද්දෙ එන පැත්තට ගහනව… නේද..!!!“ කියා ය.

[embedyt] https://www.youtube.com/watch?v=dnlrLDZwNHU[/embedyt]

බාචි සුසාන්ලා, උමාරියාලා කිෂානිලා අද ගෙවන්නේ ලෝකයට අයිති විය යුතු දූ පුතුන් දූපතක ඉපදුණු අභාග්‍යය හැර අන් දෙයක් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි