×

පැය හැටකට පසු බේරාගත් මසාරාහි මල් කැකුළ!

මෙම නායයෑමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 77 දෙනෙකු පමණ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 12 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු පිලිපීනයේ මසාරා නම් රන් ආකර ගම්මානයක් ආසන්නයේ පසුගියදා සිදු වූ නායයාමට හසු වූ තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

මෙම නායයෑමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 77 දෙනෙකු පමණ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ.

එම අතුරුදන් වූ පිරිස අතර මෙම දැරියද සිට ඇති අතර පැය 60කට පසු එම දැරිය සොයාගෙන තිබෙනවා.

ගලවා ගැනීමේ සේවකයින් විසින් බේරාගත් දැරිය හදිසි බ්ලැන්කට්ටුවකින් ඔතා ඔක්සිජන් ටැංකියකට සම්බන්ධ කර අසල පිහිටි මාවබ් නගර සභාවේ රෝහලකට ගෙන ගොස් ඇති බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි