×

චිලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


සටහන : සශිකලා මධුෂාණි, පෙබරවාරි 03,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලැව්ගිනි පැතිරීමට එරෙහිව සටන් කරමින් සිටින චිලී රට මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර චිලියේ ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සඳහන් කර තිබුණේ, ලැව්ගිනිවලට එරෙහි සටනට සියලු බලවේග යොදවා ඇති බවයි.

කාලගුණ වෙනස්කම් හේතුවෙන් දකුණු ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට බලපාන ගිම්හාන තාප තරංගයක් සහ නියඟයක් හේතුවෙන් මෙම ගිනිදැල් හටගෙන ඇති අතර ඊයේ(02)දිනයේ මධ්‍යම චිලියේ ඇරඹි ලැව්ගිනි හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 7,000ක් විනාශයට පත්ව ඇති බවට ගණන් බලා තිබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්යාඥයන් පුරෝකථන ඉදිරිපත් කර ඇත්තේ චිලී සහ කොලොම්බියාව ඉහළ යන උෂ්ණත්වය සමඟ සටන් කරන විට, ඉදිරි දිනවලදී තාප තරංගය ආර්ජන්ටිනාව, පැරගුවේ සහ බ්‍රසීලය පුරා පැතිරීමේ තර්ජනයක් පවතින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි