×

චිලී හී මරා දැමූ විරෝධතා කරුවන් වෙනුවෙන් නිහඬ කාන්තා විරෝධයක්

.


කළු පැහැති ඇඳුමින් සැරසුණ කාන්තාවන් දහසක් පමණ දෙනා පසුගිය සිකුරාදා සන්තියාගෝ නගරයේ වීදි හරහා නිහඩව ගමන් කළහ.
පසුගිය සති දෙකක කාලයක් තුළ චිලි රාජ්‍ය තුළ පැවති ජනතා විරෝධතා අවස්ථාවේදි මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් වෙත සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමිනි.

චිලීහි පංති පරතරය සහ සමාජ අසමානතාවන්ට එරෙහිවත් එරට මෙට්‍රෝ දුම්රිය ගාසතු ඉහළ යාමත් මුල් කරගනිමින් ඇරඹි ජනතා විරෝධතාව චිලී ජනතාවගේ ඓතිහිසික නැගීමක් විය. චිලී රජය විසින් ඊට එරෙහිව විරෝධතා වලට පහර දුන් අතර එහිදී තිහකට ආසන්න පිරිසක් මිය ගිය අතර දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

ලතින් ඇමරිකානු රටක් ලෙස චිලී හී සමාජ අසමානතා අවම කිරීම වෙනුවෙන් ආර්ථික වෙනස්කම් කළ යුතු බව විරෝධතා කරුවන්ගේ ඉල්ලීම විය.
අඩු විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය හා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලීකරණය කිරීම, සමාජ පංති පරතරය, අඩු වැටුප් සහ ඉහළ ජීවන වියදම් ආදිය දරා සිටිමේ අවසානය චිලී ජනතාව මෙසේ නැගී සිටීමට හේතු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි