×

චීනය අවසන් කොරෝනා රෝහලත් වසා දමයි!

කොරෝනා වසංගතය චීනයෙන් හිස එසවීමෙන් අනතුරුව දැන් චීනය, කොරෝනාව සාර්ථක ලෙස මර්දනය කළ පළමු රටවල් අතරට එක්වෙමින් තිබේ.


ඒ, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස පවත්වාගෙන ගිය අවසන් කොරෝනා රෝහල ද වසා දමමිනි.

නිව්යෝක් පෝස්ට් පුවත් පත වාර්තා කරන්නේ මාර්තු 11 වැනිදා වන විට, චීනයේ තිබූ තාවකාලික කොරෝනා රෝහල් 16 අතරින් අවසාන 2 වසා දැමීමට කටයුතු සූදානම් කෙරුණු බවයි.

මෙම කොරෝනා රෝහල් 16 පිහිටා තිබුණේ වෛරසය හිස එසවූ වුහාන් පළාතේ ය.

ෂිංහුවා පුවත් ඒජන්සිය වාර්තා කරන අන්දටම, පසුගිය අඟහරුවාදා එම රෝහල්වල ප්‍රතිකාර ලත්, 49 දෙනෙකුගෙන් යුත් අවසන් කණ්ඩායම ප්‍රීති ඝෝෂා සහ සුබ පැතුම් මැදින් රෝහලෙන් පිටත්ව ගියහ.

Xinhua-News-Agency-Getty-Images

AFP via Getty Images

Wuchang Hongshan ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම තාවකාලික රෝහලක් බවට පත් කිරීමට චීනය කටයුතු කර තිබුණේ ඇඳන් 784 ක් එහි තැබිය හැකි ලෙස ය. එය පෙබරවාරි 5 වැනිදා වැඩ ආරම්භ කළ අතර, රෝගීන් 1124 කට ප්‍රතිකාර ලබාදෙනු ලැබිණි. එයින් 833 ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර, 291 දෙනෙකු වෙනත් රෝහල් කරා පිටත් කර යවා තිබේ.

AFP via Getty Image

චීන ඉංජිනේරු ඇකඩමිය පවසන්නේ මෙම තාවකාලික කොරෝනා රෝහල් 16 වෙත වෛරස් රෝගීන් 13,000 ක පිරිසක් ඇතුළත් වූ බවයි.

A medical staff member collecting waste after all patients were discharged at a temporary hospital set up to treat people with the COVID 19 coronavirus in Wuhan.
AFP-via-Getty-Images

මෙසේ රෝහල් වසා දැමුවත්, මිලියන 11 ක ජනගහනයක් ජීවත් වන වුහාන් පළාත, එයින් දින 50 ක් ඉක්ම යන තෙක්ම ලොක්ඩවුන් තත්වයෙන් තබන්නට චීන බලධාරීන් කටයුතු කර තිබේ.

වුහාන් වෙතින් කොරෝනා වෛරස් රෝගීන් 50,000 ක් පමණ වාර්තා වූ අතර, එයින් 2423 දෙනෙක් මරණයට පත් වී තිබේ.

කෙසේ වුවත් මෙයට සතියකට පමණ පෙර චීන ජනපති ෂී ජින් පින්, වුහාන් නගරයේ සංචාරයක ද නිතර වූයේ නගරයේ ආරක්ෂිත බව සහතික කරමිනි.

කෙසේ නමුත් චීනය කොරෝනා රෝගය මුලිනුපුටා දමා ඇති බවක් ඉහත සඳහන් කිසිවකින් අදහස් නොවේ. අද දිනයේ ද වාර්තා වන්නේ නව රෝගීන් 34 දෙනෙකු හමුවී ඇති බව ය. නමුත් චීනයේ කොරෝනා වසංගතය හිස එසවූ වේගය පිළිබඳ සලකා බලන විට මාස 2 ක් ඇතුළත එය මේ තරමින් මර්දනය කර ගත හැකි වීම ඔවුන් රටක් වශයෙන් ලද විශාල ජයග්‍රහණයක් බව නොකියාම බැරි ය. එයට අමතරව මේ වන විට යුරෝපය සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ද චීනය මෙම රෝගය මර්දනය කිරීම සඳහා සහයෝගය ලබාදෙමින් සිටියි.

 

Cover Photo: Xinhua-News-Agency |Getty-Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි