×

නව ‌‌කොරෝනා ‌වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නක් බවට චීනය තහවුරු කරයි

මෙම නව වෛරසය 2002- 2003 වසර වලදී චීනය හා හොංකාංහී පුද්ගලයින් 650කට අධික සංඛ්‍යාවක් මරණයට පත් කළ සාර්ස් වෛරසයට සමාන රෝග ලක්ෂණ ‌පෙන්වයි


සාර්ස් වෛරසයට සමාන බියක් ඇති කරමින් චීනයේ මේ වන විට පැතිරෙමින් පවතින කෙරෝනා වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන රෝගයක් බව චීනය විසින් තහවුරු කොට ඇත.
මේ පිළිබදව නිවේදනයක් නිකුත් කරන චීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එළැඹෙන නව චන්ද්‍රවර්ෂය සැමරීම හා ඊට අදාළ නිවාඩුව හේතුවෙන් සංචාරය කරන මිලියන ගණනක චීන ජාතිකයන් රෝගය හේතුවෙන් අවධානම් තත්ත්වයක සිටින බවයි. ඒ් අනුව රෝගය විශාල පිරිසක් වෙත සම්ප්‍රේෂණය වනු ඇතැයි චීනය කනස්සල්ලට පත්ව ඇත. නව අවුරුදු නිවාඩුවට , මිලියන 400 කට අධික ජනතාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සංචාරය කිරීමට අපේක්ෂා කරන බවට ගණන් බලා ඇත.

පුද්ගලයින් 139 දෙනෙකු හට මෙම වෛරසය පැතිර ඇති බවට බලධාරීන් විසින් පසුගිය සති අන්තයේ දී වාර්ථාවක් නිකුත් කෙරිණී. නමුත් පසුගිය මස චීනයේ වුහාන් පළාතෙන් මුළින්ම වාර්ථා වූ රෝගියාගෙන් පසු පුද්ගලයින් 217කට වෛරසය සම්ප්‍රේෂණය වී ඇතැයි මේ වන විට හඳුනාගෙන ඇත.
පසුගියදා වුහාන් පළාතේ තවත් 89 හැවිරිසදි පුද්ගලයෙක් මෙම වෛරසය වැළදීමෙන් මිය ගිය අතර මේ වන විට වාර්ථා වන සමස්ත වමරණ සංඛ්‍යාව 4කි.

Image result for China confirms human-to-human transmission of coronavirus

මෙම නව වෛරසය 2002- 2003 වසර වලදී චීනය හා හොංකාංහී පුද්ගලයින් 650කට අධික සංඛ්‍යාවක් මරණයට පත් කළ සාර්ස් වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සාර්ස් රෝගය සහ නව වෛරස් රෝගය අතර යම් සම්බන්ධතාවක් පවතිනු ඇති දැයි මේ වන විට පරීක්ෂණ පැවැත්වේ.

පසුගියදා දකුණු කොරියාවේද මෙම රෝ්ගය පැතිර ඇති බවට වාර්ථා වූ අතර චීනයේ වුහාන් සිට ගුවනින් පැමිණී කාන්තාවක් ඒහිදී රෝගය වැළදී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

තායිලන්තය සහ ජපානයේද රෝගීන් වාර්ථාවී ඇති අතර ඔවුන්ද සියල්ලන් චීනයේ සිට පැමිණී පිරිස බව අනාවරණය වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය යමු සත්ව ප්‍රභවයකගෙන් සම්ප්‍රේෂණය වූ රෝග තත්ත්වයකි. පසුව ඒය මිනිසාගෙන මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි සැක කෙරේ. මෙහිදී රෝග තත්ත්වය මුල් අවස්ථාවේදී අඩු තක්සේරු කිරීම හේතුවෙන් ඒය වැඩි පිරිසක් අතර සම්ප්‍රේෂණය වීමට හේතු වී ඇත.
මෙම රෝග තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් පවතීද යන්න පිළීබදව සාකච්ඡා කිරීමට ඒළැඹන බදාදා ලෝක සෞඛ්‍ය සංවිධානය ජිනීවාහීදී රැස්වීමට නියමිතව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි