×

2023 දී කොවිඩ් රෝගයෙන් මිලියනයකට අධික පිරිසක් මිය යනු ඇති බවට වාර්තා වේ

චීනයේ වසංගත රෝග විද්‍යාඥ Wu Zunyou පවසා ඇත්තේ වර්තමාන ආසාදන වැඩිවීම රැළි තුනක් මඟින් සිදුවනු ඇති බවට නිවේදනය කර තිබේ.


2023 දී කොවිඩ් රෝගයෙන් මිලියනයකට අධික පිරිසක් මිය යනු ඇති බවට චීනයේ එක්සත් ජනපදය පදනම් කරගත් පිළිගත් පර්යේෂණ ආයතනයක් විසින් වාර්තා කර තිබේ.

මේත් සමඟ චීනයේ වසංගත රෝග විද්‍යාඥ Wu Zunyou පවසා ඇත්තේ වර්තමාන ආසාදන වැඩිවීම රැළි තුනක් මඟින් සිදුවනු ඇති බවට නිවේදනය කර තිබේ. ඒ අනුව පළමු රැල්ල ජනවාරි මැද භාගය දක්වා පවතිනු ඇති බවත්, දෙවන රැල්ල ජනවාරි 21 වන දින ඇරඹෙන බවත් එළැඹි නත්තල් නිවාඩුවෙන් පසු මිනිසුන් නැවත රැකියාවට යන බැවින් රෝගීන්ගේ තුන්වන වැඩිවීම පෙබරවාරි අග සිට මාර්තු මැද දක්වා ක්‍රියාත්මක වන බවත්ය.

චීනයේ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහි මහජන විරෝධතාවලින් පසුව දෙසැම්බර් 7 සිට සීමාවන් ඉවත් කිරීමේන් පසු, මේ වන තෙක් රජය කිසිදු කොවිඩ් නිල මරණයක් වාර්තා කර නොමැත. නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව නව දෛනික රෝගීන් සංඛ්‍යාව 2,097ක් ලෙස වාර්තා කර ඇති අතර, එය පැවැති තත්වයට සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් පෙන්නුම් කරයි.

මේ වන විට බීජිං හි මරණ සංඛාව පිළිබඳව විවිධ කටකතා වාර්තා වන අතර, රෝගීන් විශාල වශයෙන් වාර්තා වීමත් සමඟ චීනයේ විශාලතම නගරය වන ෂැංහයි එහි බොහෝ පාසල්වල කටයුතු අන්තර්ජාලය හරහා අරඹා ඇතිබව වාර්තා වේ.

සමස්තයක් වශයෙන්, චීනය පවසන්නේ එහි ජනගහනයෙන් 90% කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි. කෙසේ වෙතත්, වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් අඩකටත් අඩු පිරිසකට එන්නත් මාත්‍රා තුනක් ලැබී ඇත. වයෝවෘද්ධ පුද්ගලයින්ගේ අඩු ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඔවුන් දරුණු කෝවිඩ් රෝග ලක්ෂණ වලට ගොදුරු වීමේ වැඩි අවධානමක්.
චීනයේ පවතින එන්නත, ලෝකයේ අනෙකුත් බොහෝ රටවල භාවිතා කරන mRNA එන්නත් වලට වඩා කොවිඩ් රෝග සහ මරණ වලින් මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා අඩු ඵලදායී බවක් පෙන්නුම් කරන බවද, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි