×

කුණු කන්දක සෙල්ලම් බඩු සොයා පණපිටින් වැළළුණු අයිය-මලෝ

චීනයේ යුනාන් පළාතේ සෙන්ක්ෂියොන්ග් හිදී 10 හැවිරිදි සහ 12 හැවිරිදි එකම පවුලේ දරුවන් දෙදෙනෙක් අතුරුදහන් වූහ.


එම දරුවන් අවසන් වතාවට දුටු අය පැවසුවේ ඒ දෙදෙනා පළාතේ ලොකුම කසළ වළ වෙත යනු දුටු බවයි.

එය පිහිටා තිබුණේ දරුවන්ගේ නිවසට කිලෝමීටර 2 ක් පමණ දුරිනි. ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කළේ මෙම දරුවන් විසිකරන සෙල්ලම්බඩු සොයන්නට මේ වෙත යන්නට පුරුදු වී සිටි බවයි.

30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ දිනයේ ෂියෝසිලිං (Xiaoshilin) නමැති එ් මහා කසළ කන්ද රේක්ක ගාන්නටත් අවුස්සන්නටත් ඉවත් කරන්නටත් පටන් ගත්හ. මීටර 50-60 ක පමණ ගැඹුරකින් යුක්ත වූ එය, අති දැවැන්ත එකක් විය. එම ගැඹුර සහමුලින්ම කසළවලින් පිරී තිබුණා පමණක් නොව, පොළොව මතුපිට සිට ද අති දැවැන්ත කසළ කන්දක් එයින් නිර්මාණය වී තිබිණි.

දරුවන් අතුරුදන් වූ වේලාවට ආසන්න වේලාවක මේ කසළ කන්ද නාය ගොස් තිබිණි. දරුවන් ඒ වෙතට ගියාදෝයි සැක පහළ වී තිබුණේ ඒ නිසා ය.

අසල්වාසීන් ඒ කසළ කන්දේ නාය යාම විස්තර කරන්නේ ‘‘garbage avalanche‘‘ හෙවත් ‘හිම කන්දක් නාය යනවාක් මෙන් කුණු කන්ද නාය ගියා‘‘ යනුවෙනි.

අවසානයේ හමුවූයේ දරුවන්ගේ මළ සිරුරු දෙක ය. ඔවුන්ට ඒ මහා දුර්ගන්ධය මැද අවසන් හුස්ම පවා නිදහසේ හෙළන්නට නොහැකි වූ බව නොඅනුමාන ය.

වැඩිමල් දරුවා

කොතරම් තාක්ෂණික සහ ආර්ථික වශයෙන් දියුණු රටක් වුවද, චීනය පවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට ස්ථිරසාර විසඳුමක් සොයාගන්නට තවම සමත් වී නැත. කසළ කළමනාකරණය ලෝකයේම අවධානය දිනාගත්, එසේ නමුත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවංක උවමනාව දිනා නොගත් විෂයක් වශයෙන් මේ ලෝකයේ තවදුරටත් ඉතිරි වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි