×

චීනයේ බොහෝ රෝහල් වල ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සේවා සැපයීම නතර කෙරේ

ඒ අනුව, චීනයේ ජනගහන වර්ධනය යළි පණගැන්වීමේ අපේක්ෂාව අඳුරු බව පෙනේ.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බිලියන 1.4 ක ජනගහනයක් වෙසෙන චීනයේ අඛණ්ඩව වසර දෙකක් තුළ ජනගහන පරිහානියකට ලක්ව තිබීමත් සමඟ රෝහල්වල ප්‍රසව වෛද්‍ය සේවා සැපයීම නතර කර ඇති බව රොයිටර් වාර්තා කර තිබේ.

1980 දී ශීඝ්‍රයෙන් ඉහළ යන ජනගහනයේ බිය මධ්‍යයේ පවුල් සඳහා එක් දරු ප්‍රතිපත්තියක් පැනවීමෙන් පසු චීනයේ උපත් අනුපාතය පහත වැටෙන්නට විය.

මේ සම්බන්ධයෙන් චීනය නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර නොමැති අතර චීන රජය 2015 දී ගමන් මග වෙනස් කළ අතර, ජෝඩුවලට දරුවන් දෙදෙනෙකු, පසුව 2021 දී දරුවන් තිදෙනෙකු බිහි කිරීමට ඉඩ ලබා දුන් නමුත් එය ප්‍රතිඵල දායක නොවිය.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ දත්ත පෙන්වා දෙන්නේ මෙම සංසිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, චීනයේ ආර්ථික ව්‍යකුලත්වය, වාසස්ථාන පිලිබඳ ගැටලු, චීනයේ දරුවන් ඇති කිරීම හා සම්බන්ධ ආර්ථික පිරිවැය හා ළමා රැකවරණය ඉඅහල යාම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පවුල් ඇති තරුණයින්ගේ වෘත්තීය ජීවිතයට වන බලපෑම් අඩිය හේතුවෙන් නව විවාහකයන් සාම්ප්‍රදායික විවාහයන් සහ දරුවන් ලැබීමෙන් වැළකී සිටියි.

ඒ අනුව, චීනයේ ජනගහන වර්ධනය යළි පණගැන්වීමේ අපේක්ෂාව අඳුරු බව පෙනේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි