×

චීන බාලවයස්කරුවන්ට වීඩියෝ ක්‍රීඩා සදහා ඇඳිරිනීතිය!

වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි වීම මැඩපැවැත්වීමේ නව පියවරයක් ලෙස චීනය බාල වයස්කරුවන් සඳහා මාර්ගගත ක්‍රීඩා සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.


වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි වීම මැඩපැවැත්වීමේ නව පියවරයක් ලෙස චීනය බාල වයස්කරුවන් සඳහා මාර්ගගත ක්‍රීඩා සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම නීතිය ලොව විශාලතම මාර්ගගත වීඩියෝ ක්‍රීඩා අවකාශය වන ටෙන්සෙන්ට් ඇතුළු රට පුරා ක්‍රියාත්මක සියලු මාර්ගගත වීඩියෝ ක්‍රීඩා අවකාශයයන් සදහා අදාලවේ.

නව නීතිරීති යටතේ, වයස අවුරුදු 18 ට අඩු ක්‍රීඩකයින්ට රාත්‍රී 10 උදෑසන 8 අතර මාර්ගගත ක්‍රීඩා කිරීම තහනම් කෙරේ. සතියේ දිනවල බාල වයස්කරුවන්ට ක්‍රීඩා කළ හැක්කේ මිනිත්තු 90 ක් පමණක් වන අතර සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල දිනකට පැය තුනක් දක්වා ක්‍රීඩා කළ හැකිය.

බාල වයස්කරුවන්ට ඔවුන්ගේ මාර්ගගත ක්‍රීඩා ගිණුම් වෙත මාරු කළ හැකි මුදල් ප්‍රමාණයන් පිළිබදවද නීති පනවා ඇත.

වයස අවුරුදු අටේ සිට 16 දක්වා වූ ක්‍රීඩකයින්ට මසකට යුවාන් 200 ක් (ඩොලර් 29) ක උපරිමයක් දක්වා පමණක් හුවමරු හැකි අතර 16 ත් 18 ත් අතර අය සඳහා උපරිම මුදල යුවාන් 400 ක් (ඩොලර් 57) වේ.

චීනයේ පුවත්පත් හා ප්‍රකාශන සාමාන්‍ය පරිපාලනය විසින් මෙම නීති අඩංගු ලේඛනය අඟහරුවාදා නිකුත් කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි