×

අයර්ලන්තය සමග සමානාත්මතාවයෙන් කටයුතු කිරීමට චීනය සූදානම්!

අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර ජනාධිපති මන්දිරයේ දී එම හමුව පැවැත්වුණු බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (17) දින චීන අගමැති ලී ච්‍යං මහතා, අයර්ලන්ත ජනාධිපති අයර්ලන්ත ජනාධිපති Michael D Higgins මහතා හමුවී ඇත.

අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර ජනාධිපති මන්දිරයේ දී එම හමුව පැවැත්වුණු බව වාර්තා වේ.

ලී ච්‍යං මහතා එහිදී පවසා ඇත්තේ, අයර්ලන්තය සමග අන්‍යෝන්‍ය ගරුත්වය හා සමානාත්මතාවයෙන් යුතුව, දෙරට නායකයන්ගේ එකඟතා තවදුරටත් ක්‍රියාවට නැංවීමට චීනය සූදානම් බවයි.

දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 45 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් උපායමාර්ගික හවුල්කාරීත්ව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවයි. ආර්ථික හා ආයෝජන, හරිත සංවර්ධන, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන හා සංචාරක යන ක්ෂේත්‍රයන් හි සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට ද චීනය ක්‍රියාකරන බව අගමැති ලී ච්‍යං මහතා කියා සිටියේය.

අයර්ලන්ත – චීන සබඳතාව අන්‍යෝන්‍ය අවබෝධය සහිතව මනාව වර්ධනය වෙමින් පවතින බව අයර්ලන්ත ජනාධිපති Michael D Higgins මහතා එම හමුවේ දී පැවසීය.

Michael D Higgins මහතා අවධාරණය කළේ, දේශගුණ විපර්යාසය, ආහාර සුරක්ෂිතතාව හා තිරසර සංවර්ධනය ඇතුළු ගෝලීය අභියෝගවලට පොදුවේ ප්‍රතිචාර දක්වමින් දෙරට සබඳතාව සහතික කිරීමට අයර්ලන්තය සූදානම් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි