×

ලෙකීමා සුළි කුණාටුව චීනයට අනතුරු අඟවයි

,


චීනයේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ප්‍රභල සුළි කුණාටුවක් ඇති විය හැකි බවට එරට බලධාරීන් චීන වැසියන් දැනුවත් කර ඇති බව වාර්ථා වේ.

ලෙකීමා සුළිකුණාටුව ලෙස හදුන්වා ඇති මෙය මේ වන විට තායිවානය ආශ්‍රිතව හමා එමින් පවතින අතර පැයට කිලෝමීටර් 190ක වේගයෙන් නැගෙනහිර වෙරළින් එය සිය රටට ඇතුළු වනු ඇති බවට කාල ගුණ අංශ පවසයි.

සියළු හදිසි සේවාවන් මේ වන විට සූදාමින් පවතින බව චීනය පවසයි. චීනයේ ෂින්ග්හායි ප්‍රදේශ ආශ්‍රිත දහස් ගණනින් ජනතාවට මේ වන විට සිය නිවෙස් වලින් බැහැර වන්නට සූදානම් වන ලෙස දැනුවත් කර ඇත.
සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයන්ද ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම සති අන්තයේ සියළු දුම්රිය ගමන් නවතා දමන්නට බලධාරීන් තීරණය කර ඇත.
බටහිර පැසිපික් මුහුද ආශ්‍රිතව මේ වන විට පවතින ප්‍රභල ස්ළි කුණාටු දෙකෙන් එකක් වන ලෙකීමාට අමතරව ක්‍රෝසා සුළි කුණාටුවද මේ වන විට දරුණු අතට හැරෙමින් පවතී, එය ඉදිරි සතිය තුළ ජපානය දෙසට හමා යනු ඇතැයි අනුමාන කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි