×

චීනයත් ඇස් අරියි – ”තනිකාර්යක් සඳහා භාවිත පොලිතින් සහ ප්ලාස්ටික් ” සම්පූර්ණයෙන් තහනම් කෙරේ !

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටක් ලෙස සිය රට තුළ බිලියන 1.4ක් විසින් ජනනය කරනු ලබන කුණු කසල කළමනාකරණය කිරීඹ වසර ගණණාවක් තිස්සේ චීන රජය අරගල කරමින් සිටී.


ලොව විශාලතම ප්ලාස්ටික් භාවිතා කරන්නන් අතරේ ඉදිරියෙන්ම සිටින චීනය තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීමේ ප්‍රධාන සැලැස්මක් එළිදක්වා ඇත.

ඒ අනුව දිරාපත් නොවන සියලු පොලිතින් මළු 2020 වන විට චීනයේ ප්‍රධාන නගර සියල්ලකම තහනම් කෙරෙනු ඇති අතර 2022 වන විට රට පුරා සියලු නගර හා ගම්වල  පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කරනු ඇත. එමෙන්ම 2020 අවසානය වන විට අවන්හල් තුළ ප්ලාසිටික් බීම බට භාවිතයද තහනම කිරීමට චීනය කටයුතු කරන ඇත.

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටක් ලෙස සිය රට තුළ බිලියන 1.4ක් විසින් ජනනය කරනු ලබන කුණු කසල කළමනාකරණය කිරීඹ වසර ගණණාවක් තිස්සේ චීන රජය අරගල කරමින් සිටී.

එරට විශාලතම කුණු කන්ද පාපන්දු පිට්ටනි 100ක පමණ විශාලත්වයකින් සමන්විත වන අතර එය තවත් වසර 25ක කාලයක භාවිත වන අපද්‍රව්‍ය දැමීමට නියමිතව තිබුණද මේ වන විට කසල වලින් පිරී ඇත.
2017 වසර තුළ පමණක් චීනය විසින් නාගරික ගෘහස්ථ අපද්‍රව්‍ය ටොන් 215ක් එක් රැස් කර ඇති අතර ඒවා ප්‍රතික්‍රිකරණය සම්බන්ධව කිසිදු සංඛ්‍යා ලේඛනයක් නොපවතින බව එරට රජය පවසයි.

2010 වසරේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 60ක් චීනය තුළ නිපදවනු ලැබ ඇති අතර එම වසරේදී ඇමරිකා එක්සත් ජනපදය නිපදවා ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ‍ටොන් මිලියන 38 බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පදනම් වූ වර්ලිඩ් ඉන් ඩේටා ඔන්ලයින් විසින් ප්‍රකාශයට පත් කර ඇත. මේ සම්බන්ධ පර්යේෂණ වාර්ථාවක් 2018 වසරේදී එළිදැක්වූ අතර 2025 වන තෙක් මේ සම්බන්ධ සාපේක්ෂ ගෝලීය තත්ත්වයද සමාන බව ඉන් පැවසේ.

මෙම තීරණය ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති අයුරු

චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉරිදා නව ප්‍රතිපත්තිය නිකුත් කළ අතර එය ඉදිරි වසර පහ තුළ ක්‍රියාත්මක වනු ඇත. 2022 වන විට චීනය තුළ සෑම නගරයකම ප්ලාස්ටික් මළු තහනම් කෙරෙනු ඇති අතර නැවුම් නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැලි වල පමණක් එම තහනම 2025 වන තෙක් කල් තැබෙනු ඇත.

මේ අතර මින් ඉදිරියට රට තුළ මිලිමීටර් 0.025 ට වඩා අඩු ඝනකම සහිත ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය කිරීම හා විකිණීම ද තහනම් කෙරේ. ආහාර අලෙවි සැල් හා අවන්හල් තුළ තනි භාවිත පොලිතින් භාවිතය 2020 අවසන් වන විට 30%කින් අඩු වී තිබිය යුතු බවට රජය අවධාරණය කර ඇත.

හෝටල් සහ ආපානශාලා වලට දන්වා ඇත්තේ 2025 වන විට නොමිලේ භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාණ්ඩ ලබා නොදිය යුතු බවයි.

ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීම සදහා චීනය ගත් පළමු වෑයම මෙය නොවන අතර ලෝකයේ විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කරන රාජ්‍ය සෙ චීනය 2017 වසරේ දී විදේශීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආනයනය කිරීම තහනම් කරන බව නිවේදනය කරන ලදී,

තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිකීන් භාවිතය තහනම් කළ පළමු හා එකම ආසායාතික රාජ්‍ය චීනය නොවන්නේය. මේ වසර මුලදී තායිලන්තය ප්‍රධාන වෙළඳසැල්වල තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම් කරන බව නිවේදනය කළ අතර 2021 සිට මුළු රට පුරාම සම්පූර්ණ තහනමක් පැනවීය.

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා 2020 ජුනි මාසය වන විට දෙපාර්තමේන්තු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ සාම්ප්‍රදායික වෙළඳපොලවල තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම් කරනු ලැබුණ අතර බාලි දූපත ද තනි භාවිත ප්ලාස්ටික් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි