×

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ අභිලාෂයන් ශක්තිමත් වනු ඇත.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2030 වන විට චීනය සඳ මතුපිට ජනාවාස ඇති කිරීමේ ඉලක්කය වෙනුවෙන් කාර්ය මණ්ඩලයක් නොමැති Chang’e-6 දියත් කිරීම අද(03)උදැසන සිදු කළ බව වාර්තා වේ.

ඒ අනුව, දින 53 මෙහෙයුමේදී සඳ වටා කක්ෂගත වන Chang’e-6 මඟින් සඳ මත ඇති විශාලතම සහ පැරණිතම බලපෑම් ආවාටය වන දකුණු ධ්‍රැව Aitken ද්‍රෝණියේ සාම්පල ලබා ගැනීමට උත්සාහ කරනු ඇත. එය ස්ථිරවම පෘථිවියට මුහුණලා ඇති පැත්තේ පිහිටා ඇති අතර විශේෂඥයන් පවසන්නේ වසර බිලියන ගණනකට පෙර සෞරග්රහ මණ්ඩලයේ ක්රියාකාරිත්වය පිලිබඳ සැලකිය ගැටළු වලට පිළිතුරු මෙමඟින් සැපයෙනු ඇති බවයි.

2026 සහ 2028 දී, චීනය විසින් ජලය සඳහා දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමට සහ රුසියාව සමඟ ප්‍රාථමික මුරපොලක් තැනීමට පටන් ගන්නා විට, බීජිං හි අරමුණ සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයක් ලෙස, පිළිවෙළින් කාර්ය මණ්ඩලයක් නොමැති Chang’e-7 සහ 8 මෙහෙයුම් සඳහා ඉදිරියේදී සහාය වනු ඇත.

ඒ අනුව, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ අභිලාෂයන් ශක්තිමත් වනු ඇති බවයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ,

නාසා හි ප්‍රධානියා මෙම තත්වය අභ්‍යවකාශ තරඟයක් ලෙස හඳුන්වා දී ඇති අතර බීජිං හි ධ්‍රැවීය සැලසුම් නාසාහි මෙන්ම එක්සත් ජනපදයෙන් ද කනස්සල්ලට හේතු වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි