×

චීනයේ විරැකියාව වාර්තාගත ලෙස ඉහළට

චීනයේ ආර්ථිකය දෙවන කාර්තුවේදී බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමී වී ඇත.


2023 වසරේ චීනයේ විරැකියාව මැයි මාසයේදී 20.8% සිට ජුනි මාසයේදී වාර්තාගත ලෙස 21.3% දක්වා ඉහළ ගොස් ඇති බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (NBS)නව සංඛ්‍යා ලේඛණ පෙන්වා දේ.

මේත් සමඟ චීනයේ ආර්ථිකය දෙවන කාර්තුවේදී බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමී වී තිබේ.

පසුගිය කාර්තුවට සාපේක්ෂව අප්‍රේල් හා ජූනි අතර කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.8 කින් ප‍්‍රසාරණය වී ඇති අතර ජුනි මාසයේ සිල්ලර විකුණුම් වසරින් වසර 3.1%කින් ඉහළ යන ලදි. කාර්මික නිෂ්පාදන 4.4%කින් ඉහළ යාමත් සමඟ ආර්ථික විද්‍යාඥයින් චීනයේ සමස්ත ආර්ථිකය සියයට 7කට වඩා වැඩි වර්ධනයක් බලාපොරොත්තු විය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රකාශක Fu Linghui පැවසූයේ, වෙළඳපොල ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින්, නිෂ්පාදන සැපයුම අඛණ්ඩව වැඩි වීමත්, රැකියා සහ මිල සාමාන්‍යයෙන් ස්ථාවර වීමත්, නිවැසියන්ගේ ආදායම ක්‍රමයෙන් වර්ධනය වීමත් වෙමින් පවතින අතර මෙම තත්වය ආර්ථිකයේ පශ්චාත් වසංගත තත්වය වඩාත් හොඳින් පෙන්නුම් කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි