×

චීනයේ කොරෝනාවැක් එන්නත බටහිර මට්ටමේ ප්‍රමිතියට වඩා අඩුද?

ෂැං වෙන්හෝං වාර්තාකරුවන්ට පවසා ඇත්තේ කොරෝනාවැක්හි කාර්යක්ෂමතා අනුපාත විවිධ මහද්වීපවල අත්හදා බැලීම් වලදී විවිධ අගයන් පෙන්විය හැකි බවයි.


මහා පරිමාණ එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සීනෝවාක් බයෝටෙක් හි කොවිඩ් -19 එන්නත ආනයනය කිරීමත් සමග එහි කාර්යක්ෂමතාවය පිළිබද ගැටලු මතුවන්නට පටන්ගෙන ඇත.

අවසාන අදියර සායනික අත්හදා බැලීම්වල සොයාගැනීම් සමාලෝචනය කිරීමෙන් පසුව, සීනෝවාක් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් කොරෝනා එන්නතහි ඵලදායීතාවය පිළිබඳ කලින් ඇස්තමේන්තු සංශෝධනය කිරීම සඳහා ඉන්දුනීසියාව බ්‍රසීලයට එක්ව ඇත.

අත්හදා බැලීම්වල පාර්ශවකරුවෙකු වන ඉන්දුනීසියාවේ රජයට අයත් ඖෂධ නිෂ්පාදකයකු වන බයෝ ෆාමා පසුගිය දෙසැම්බරයේ කියා සිටියේ එහි පළමු තොග මාත්‍රාව මිලියන 1.2 ක් ලබා දීමේදී කොරෝනාවැක් එන්නත 97% තරම් ඵලදායී විය.

චීන ඖෂධයේ ඉහළ කාර්යක්ෂමතා ප්‍රතිශතය පිළිබඳව ප්‍රශ්න මතු වූ විට, සීනෝවාක් සදහන් කර ඇත්තේ අත්හදා බැලීම් වලට සහභාගිවන්නන් අතර දක්නට ලැබෙන සේරම් ප්‍රතිදේහවල ධනාත්මක පරිවර්තන ප්‍රතිශතය මෙම සංඛ්‍යාවෙන් සඳහන් වන බවයි.

ජනවාරි 11 වන දින, අවදානම් සහිත කණ්ඩායම් සඳහා සිනොවාක් එන්නත හදිසි භාවිතය සඳහා නිර්දේශ වීම පිළිබදව කොළ එළියක් රජය විසින් ලබා දුන් අතර, ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධිකාරිය 65.3% ක කාර්යක්ෂමතා ප්‍රතිශතය හෙළි කළ අතර, එම ප්‍රතිශතය ලබාගෙන ඇත්තේ ස්වේච්ඡා සේවකයන් 1,620 ක් සම්බන්ධ කර ගනිමින් බන්දුං හි සිදුකළ අත්හදා බැලීම් වලට අනුවය.

ඉන්දුනීසියාවේ ආහාර හා ඖෂධ අධීක්ෂණ ඒජන්සියේ ප්‍රධානී පෙනි ලුකිටෝ පැවසුවේ, මූලික දේශීය අත්හදා බැලීමේ දත්ත මෙන්ම බ්‍රසීලයේ සහ තුර්කියේ සිට බලධාරීන් විසින් සමාලෝචනය කිරීමෙන් පසුව හදිසි භාවිතය සඳහා සිනොවාක්හී කොරෝනාවැක් සුදුසු බව තීරණය කර ඇති බවයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සිය රටපුරා එන්නත් කිරීමේ මෙහෙයුමේ කොටසක් ලෙස සිනොවාක් විසින් නිපදවන ලද එන්නත මාත්‍රාවක් ලබා ගත්තේ මිනිසුන්ව තවත් ඒ වෙනුවෙන් පෙළඹවීම සඳහා ය.

පිලිපීනය, සිංගප්පූරුව, හොංකොං, මැකාවු, යුක්රේනය, බොලිවියාව ඇතුළු රටවල් සහ කලාප ගණනාවක් සීනෝවාක් සමඟ ගිවිසුම් අත්සන් කර එන්නත් මාත්‍රාවන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිති.

ෂැංහයි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ හුආෂාන් රෝහලේ හාවඩ් අධ්‍යාපනය ලැබූ බෝවන රෝග විශේෂඥයෙකු වන ෂැං වෙන්හෝං වාර්තාකරුවන්ට පවසා ඇත්තේ කොරෝනාවැක්හි කාර්යක්ෂමතා අනුපාත විවිධ මහද්වීපවල අත්හදා බැලීම් වලදී විවිධ අගයන් පෙන්විය හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි