×

මාංශ අනුභවය සීමා කිරීමට චීන බලධාරීන්ගේ අවධානය යොමු වෙයි

ඉතිහාසය පුරා බොහෝ වෛරස මිනිසාට ආදානය වී ඇත්තේ සතුන් හරහා බව විද්වත්හු පෙන්වා දෙති.


සතුන්ගේ මාංශ හරහා කොරෝනා වෛරසය මිනිසාට ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග මාංශ අනුභවය සීමා කිරීමට සහ ඒ සම්බන්ධ නීති දැඩි කිරීමට චීන බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු කර‍‍ නොමැති නමුත් නව කොරෝනා වෛරසය වවුලන්, සර්පයන් හෝ චීන ජාතිකයන් මාංශ පිණිස භාවිතා කරන වෙනත් සත්ව විශේෂ හරහා බෝ වී ඇති බවට පර්යේෂකයන්, විද්‍යාඥයන් මත පළකර තිබේ.

චීනය තුළ බෝ‍හෝ සත්ව විශේෂ ආහාරයට ගන්නා ‍අතර ලොව බොහෝ රටවල පුද්ගලයන් දැඩිලෙස පිළිකුල් කරන සත්ව විශේෂ පවා චීන ජාතිකයන්ගේ ආහාර අතරට එක් වේ.

එම සතුන් ගොවිපල ආශ්‍රිතව බෝ කිරීම පවා සිදුවන අතර ඊට චීන සමාජය තුළ විශාල වෙළඳපොළක් හිමිව තිබේ.

පසුගිය සතියේදී මෙම ඇතැම් සත්ව විශේෂ ආහාරයට ගැනීම සහ ගොවිපලවල බෝ කිරීම තාවකාලිකව තහනම් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ සඳහා නීති පැනවීමටද සූදානම් වේ.

මීට පෙර 2003 වසරේදී ලොවපුර පැතිර ගිය සාර්ස් වෛරසය හේතුවෙන් චීනය මෙවැනිම පියවරක් අනුගමනය කළ නමුත් එම වෛරසයේ අවදානය අවම වීමත් සමග නැවතත් එම තහනම ලිහිල් කෙරිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛරස් පිළිබඳව විශේෂඥයෙකු වන, හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියෝ පූන් පවසන්නේ විවිධ සතුන්ට ආවේණික ඔවුන්ගේම වෛරස පවතින බවයි.

එම වෛරස එක් සත්ව විශේෂයකින් තවත් සත්ව විශේෂයක් වෙත, සුවිශේෂ කරුණු මත ආසාදනය විය හැකි බවයි.

ඉතිහාසය පුරා බොහෝ වෛරස මිනිසාට ආදානය වී ඇත්තේ ඒ ආකාරයෙන් සතුන් හරහා බව ද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

මෙවැනි සත්ව ගොවිපල හා වෙළඳපොළ දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් වෛරස මිනිසාට ආසාදනය වීමේ අවදානම වැඩිවන බවද ඔහු පවසනවා.

ලියෝ පූන් යනු 2003 වසරේ පැතිර ගිය සාර්ස් වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ප්‍රධාන විද්‍යාඥයෙක් වන අතර එම වෛරසය චීනයේ ග්වැන්ෂුහි සත්ව වෙළඳපොළක මිනිස් පරිභෝජනය සඳහා අලෙවියට තබා තිබූ පූසන්ගෙන් මිනිසාට ආසාදනය වූ බවට සොයා ගැනිණි.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි